IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගාලුපාරටත් මුහුදුරළ එයි

(කරන්දෙණිය  එම් .සුසිල් පියන්ත)

තෙල්වත්ත, පැරැලිය, අකුරල, කහව ආදී ප්‍රදේශවලින් ගාලුපාරට මුහුදු රළ පහර ගැසීම නිසා අද (11 ) එම ප්‍රදේශ හරහා ගාලු පාරේ රථ වාහන ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ලවිය.

මුහුදු රළ සමග ප්‍රධාන මාර්ගයට වැලි ගල් ඇතුලු අපද්‍රව්‍ය ගොඩ ගැසීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සිදු කිරීමට නොහැකිව තිබිණි.

මහා මාර්ග සංවර්ධන අධිකාරියත් වෙරළ සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව හා රත්ගම ප්‍රාදේශීය සභාව එක්ව ප්‍රධාන මාර්ගයට ගොඩ ගැසු වැලි, ගල් හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගනු ලැබූවත් නැවත නැවතත් එම ද්‍රව්‍ය ප්‍රධාන මාර්ගයට ඒම නොකඩවාම  සිදුවිය.

 

(ඡායාරූප -  කරන්දෙණිය  එම් .සුසිල් පියන්ත)

 

 

 

(ඡායාරූප - දීපාල් සිල්වා)

(ඡායාරූප - අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)

 

 

(ඡායාරූප - සුගතපාල දියගහගේ)



අදහස් (14)

ගාලුපාරටත් මුහුදුරළ එයි

Bamunuarachchi Saturday, 11 July 2020 06:23 AM

දැන් අර මැට්ටෝ කියයි ජනපති මේවාට වගකිව යුතුයි කියලා.. අර හාදයා කියවයි අපේ ආණ්ඩුව ආවගමන් මුහුද මහපාරට එනඑක නවත්වනවා කියලා.

:       0       0

rambo07 Saturday, 11 July 2020 06:29 AM

මම මුහුදු පතුල වුකුණාගෙන කෑවා නම්,.. ඒ නිසා දැන් තාරත් ගිලා බහිනවා නම් ... මමත් රටේ අගමැති නම් හරි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 July 2020 06:56 AM

මෙම ප්‍රදේශවල මෙසේ මුහුද ගොඩගලා පාරට පැමිණෙන අවස්ථා නිතර නිතර දැකීමට පුළුවන් සිද්ධියක්.. මෙයට හේතුව මෙම ප්‍රදේශවල හිරිගල් කඩා දැමීමයි. හිරිගල් කැඩීම නිසා කොරල්පර විනාශ වී යන අතර, වේගයෙන් පැමිණෙන මුහුද රට පාරට පැමිණේ. ඒ සමග වැලිද පැමිණේ. මෙම හිරි ගල් කැඩීම නැවැත්වීම සඳහා වෙරළ සංරක්ෂණ ව්‍යාපාරය හා පරිසරවේදීන් බොහෝ උත්සාහ කළ අවස්ථා එමටයි. ස්වාභාවිකව පවතින හිරිගල මුහුදු රළ වේගය පාලනය කිරීම සඳහා ඉවහල් වෙයි. එහෙත් එය කඩා බිඳ දැමීම නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණේ. බොහෝ හිරිගල් කැඩුණු ස්ථානවල සුනාමියෙන් දරුණු අනතුරු සිදුවිය. මේ අතින් බලනවිට, පරිසරය විනාශ කරන මිනිසා නිසා සොබාදහමෙන්ද, දඬුවම් ලැබෙන බව පෙනේ. අවසානයේදී ඒ සඳහා කරුණු නොදැන කෑකෝ ගසන්නේද එම මිනිසාමය.

:       0       0

පූජා Saturday, 11 July 2020 07:10 AM

ගොඩ ගැසූ ගල් වැලි, අපවිත්‍ර දේවල් නිරතුරුවම ඉවත් කරත් , නැවත නැවත ඒවා ගොඩ ගැසෙනවා නම්, අපට හිතන්නට යමක් ඉතුරු වී ඇත.

:       2       332

විජිත් Sunday, 12 July 2020 06:06 AM

පූජා, දැනට අවුරුදු 4 කට පමණ පෙරදී මම මේ පිටුවටම සටහනක් ලිව්වා මතකයි පොර්ට් සිටියෙන් අපේ පරිසරයට වන හානි පිළිබඳව. ඒ සඳහා මම නොයෙකුත් පරිසරය ආශ්‍රිත අධ්‍යයනයන් කරමින්, උගත් පරිසරවේදීන් හමුවෙමින් කරුණු රැසක් එකතුකළා. ඒ අනුව මම සටහන් කළා ගාල්ලේ සිට මීගමුව දක්වා මුහුද ප්‍රචණ්ඩ වන අතර ඒ ප්‍රදේශ දරුණු ලෙස මුහුදට බිලිවෙන බව... තව ගොඩාක් දේවල් සඳහන් කළත් ඉහත සඳහන් කළ විනාශය දැන් පටන් අරන් ගාල්ලේ පමණක් නොව මගේ ගම මීගමුවේ, මීගමු දූව, පෝරුතොට ආදී ප්‍රදේශ දරුණු ලෙස මුහුදු රකුසා ගිලගනිමින් සිටියි. දුවේ පාරවල් මුහුදු ජලයෙන් යටවී ඇති අතර පෝරුතොට නිවාස රැසක් මුහුදට බිලිවෙමින් පවතී. නිසි පරිසර අධ්‍යයනයක් නොකොට චිනාගෙන් ලැබෙන ගිනි පොලී මුදල් සහ කොමිස් වලට ගිජුවී ඒ වගේම චීනාට ඇති බියත් නිසා චීනාගේ අණට කීකරුවී, පරිසරවේදීන්ගේ අනතුරු ඇඟවීම් ගණන් නොගෙන තැනු මුහුදු නගරයෙන් අප වෙත පෙරලා ලැබෙන සොබාදහමේ දරුණු ප්‍රතික්‍රියාව තවමත් පටන්ගත්තා පමණයි. මේ රටේ මෝඩ පාලකයින් දැනගත යුතුම දෙයක් ඇත. එනම් මේ රට පාලනය කරන්නේ ජනාධිපති හෝ අගමැති නොව සොබාදහම් අම්මා බවයි. ඇයගේ නීතියට පිටින්යන සියලුදේම ඇය විනාශ කරන්නීය. ලෝ දහම එයයි

:       0       101

kamal Saturday, 11 July 2020 08:21 AM

තරහ වෙන්න එපා. ඕවට වියදම් කරන්න මුදල් නැහැ. ගුවන්තොටුපළවල්, කුළුණු, වරාය, රඟහලවල්, අධිවේගී ඔක්කෝටම සල්ලි ටික වියදම් වුණානේ..

:       122       424

karunapalaSaturday, 11 July 2020 07:29 PM

ඔහේගේ මොලේ අමාරුවක් තියෙනවාද? කරුණාකරලා මෙතන ගඳ ගස්සන්නේ නැතිව අංගොඩින් බෙහෙත් ගන්න. බෙහෙත් නොගත්තොත් දවසක මහපාරේදී මිනිස්සු වටවෙලා බෙහෙත් දෙන්න පුලුවන්...

:       0       0

දිලාන් Sunday, 12 July 2020 04:34 AM

කිසිම දවසක කිසිම දෙයක හොඳක්, ගුණයක් නොදකින එක්කෝ "කොළ" නැත්නම් "රතු" කුහක මානසිකත්වයක් ඇති අයෙක්...

:       0       0

Nimal Saturday, 11 July 2020 09:10 AM

එක සැරයක් ඇවිත් පුරුදු වුණාම ආයෙ ආයෙත් එනවා. එයාගෙ හැටි ඔහොම තමයි.

:       0       0

ලුම්බිණි Saturday, 11 July 2020 02:10 PM

ගල්කිස්සේ ගොඩකරපු මුහුදු වැලි මෙච්චර දුර ආවාද?

:       1       618

wasantha Saturday, 11 July 2020 02:41 PM

මෙය සිදු වූයේ 11 වන දින සවස 5:40 ට සහ 10 වන දින සවස 5:12ට නම්, එය වඩදිය බාදිය නිසාය. එවිට මෙය පුනරාවර්තන බලපෑමක් වන අතර මාර්ගය ඉහළට ඔසවා තැබිය යුතුයි. වසරකට දින කිහිපයක් මෙය සිදුවුවහොත් මෙය නොසලකා හැරිය හැකියි.

:       0       62

Nishan Sunday, 12 July 2020 09:07 AM

අළුත් ජනාධිපති පත් වුණු දවසේ ඉඳන් ස්වාභාවික විපත්වල කෙලවරක් නෑ. නීතිය අපහරණය කෙරෙන හැටියට මෙහෙම වෙලා නැවතුනොත් ඇති...

:       0       10

wedage Monday, 13 July 2020 04:52 AM

පරිසරයට කල නොපනත්කම් නිසා මේ දේවල් සිදුවිය හැක.

:       0       15

rana Monday, 13 July 2020 08:23 AM

මුහුද ගොඩකිරීමේ අපරාධයට මුහුදේ පලියද මේ? චීනාට මොකද බැට කන්නෙ ජනතාවනේ? කාසි වෙන සාක්කුවේ...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site