( සජීවා කෝට්ටගොඩ)
කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය අද (19) අලුයම ගනේවත්ත දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයේදි වැලි ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරින්, උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය මුළුමනින්ම අඩාලවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.
මේ වන විට දුම්රිය මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර තව පැයකට ආසන්න කාලයකදී එය යථා තත්ත්වයට පත් කළ හැකි වෙතැයි සිතන බව එම නිලධාරියා සඳහන් කළේය.
දුම්රිය අනතුර හේතුවෙන් නියමිත වේලාවන්හි ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය ප්රමමාද වී ධාවනය වන බවද දුම්රිය දෙපාර්තෙම්න්තු නිලධාරීයා සඳහන් කෙළ්ය.
මහව කාර්යාල දුම්රිය ද මහව දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සියල්ලම දුම්රිය ස්ථාන වල නතර කරඇතැයි පැවසේ.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.