IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගිනිගත් නැවේ සුන්බුන් ඉවත් කරන්න ගුවන් හමුදාවත් එක් වේ

(ඉන්දිකා රාමනායක) 

ගිනි ගත්  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටීමෙන්  මීගමුව, දුන්ගල්පිටිය ,තලාහේන වෙරළතීරයට ගසා ගෙන ආ සුන්බුන් ඉවත් කිරීම ගුවන් හමුදාව මැදිහත්  විය.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ 300 භට කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති බව ගුවන් හමුදාව කියයි.

 



අදහස් (7)

ගිනිගත් නැවේ සුන්බුන් ඉවත් කරන්න ගුවන් හමුදාවත් එක් වේ

ganegoda Saturday, 29 May 2021 01:00 PM

මේ එකතු කරන අපද්‍රව්‍ය කොහේද ගබඩා කරන්නේ? ඊටපස්සේ මොනවද මේවට කරන්නේ? සැලැස්මක් තියෙනවද?

:       3       32

සෙනෙවිරත්න Sunday, 30 May 2021 01:17 AM

සැලසුම් නැතිකම තමයි අපේ සැලැස්ම...., එ්කනේ කන්ටේනර් 1400ක් දාපු නැවත පතුලෙන් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ආපු ගින්න⁣ට වතුර ගැහුවේ... ලේන වලිගෙන් මූද හිස් කළා වගේ, නැව කිලෝමීටර 50ක් හැටක් ගෙනියන්න හැකියාව තිබෙද්දි, දැන් ධීවරයෝත් හිඟන්නන් කළා... ඔය පැත්තේ ටුවරිසම් වලටත් දෙවි පිහිටයි. අර වගේ ඇමතිලා ඉන්න රටේ...

:       0       15

Sanka Sunday, 30 May 2021 02:03 AM

මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මත්ස්‍යයින් මියයමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට ජීවි පරීක්ෂණවේදීන් වාර්තා කරයි. අවුරුදු 30,40ක් වත් විනාශයේ බලපෑම ඉඩ තියෙනවා. ටොන් 300කට අධික ඉන්ධන මුහුදට එකතු වුණොත් බටහිර මුහුදු තීරයේ කිලෝමීටර් සියගාණක් මුහුදු තීරයේ කලාපයට දැඩි හානි සිදුවෙන්න පුළුවන්... රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු නැවක් රටට ඇතුලු කරන්න කලින් අපේ මුහුදු තීරයෙන් නාවික සැතපුම් 50ක් වත් ඈත ඇඳන් යන්න ඉඩ තිබුණා. ඒත් අැමැති, රාජ්‍ය අැමැති දෙන්නම කලේ අපි පාලනය කළා.. උෂ්ණත්වය මැන්නා වගේ මෝඩ බයිලා ගහලා සිද්ධිය යටගහපු එක. ඒකෙන් අද වන්දි ගෙවන්නේ මේ මුලු රටම..

:       0       11

රඞනසිංහSunday, 30 May 2021 08:24 AM

අන්තර්ජාතික සම්මුතින් තිබෙනවා. නැවක්, ගුවන් යානයක් අනතුරට පත්වුණාම මග හැර යන්න බැහැ. ලිං මැඩි ගෝසා තමයි අපේ රටේ නිතර ඇසෙන්නේ...!!

:       6       0

සිරි Sunday, 30 May 2021 03:54 AM

අදූරදර්ශී තීරණ නිසා අපහසුතාවයට පත්වෙන්නෙ මේ වගේ පොඩ්ඩො තමයි.

:       0       10

ranjith Sunday, 30 May 2021 05:00 AM

මේ අවදානම් නැව එන්න අවසර දුන්නේ මොකද? රටේ අහිංසක මිනිස්සු නේද? මේ පව් ගෙවන්නේ.. මේවාට වගකිව යුතු අය ගැන නිහඬ පිළිවෙතක්...

:       0       9

fairoos Sunday, 30 May 2021 08:17 AM

ඇයි ගුවන් හමුදාව? ප්‍රාදේශීය සභාවල කට්ටිය නැද්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site