( තිස්ස කොටින්කඩුව)
ගිනිගත් නෞකාවෙන් මුහුදට වැටි පාවෙමින් පැමිණි පලාස්ටික් බෝල ඇතුලු විවිධ අපද්‍රව්‍ය ඇතුලු සුන්බුන් රැසක් මේ වන විට මීගමුව කළපුවට ගොඩගසා ඇති බව එහි ධිවරයෝ කියති.
උද්ගත වි ඇති තත්ත්වය නිසා දැල් එලිමේදි දැඩි බාධක එල්ල වි ඇති බව ඔවුහු පවසා සිටිති.දැනටමත් මාලු අල්ලා ගැනිමට යොදා ගන්නා දැල් ආමිපන්න වල පලාස්ටික් පඹුලු වැනි දැ පැටලි ඇතැයි ඔවුහු සඳහන් කරති.
මේ වන විට කළපුව වෙරළ තිරයේ කඩොලාන පරිසර පද්ධතිය තුළද මෙම සුන්බුන් රැදි ඇති අයුරු පෙන්වා දෙන ධිවරයෝ මත්ස්‍ය අභිජනනයට ඉතා හිතකර කලාපක් වන මිගමුව කලපුව ආශ්‍රිත පරිසරයට මෙය බලවත් තර්ජනයක් වන නොඅනුමාන බව පවසයි.
මේ අතර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගිනිගත් නැවේ අපද්‍රව්‍ය කලපුවට ඇතුලු වීම අවම කිරිමට දැඩි වෙසෙහක් ගෙන කටයුතු කරමින් සිටි.ඒ සදහා මිගමුව කොතලාවෙල පාලමේ සිට විශේෂ වැඩ සටහනක් දියත් කරමින් හුලං පිරවු විවිධ උපකරණ පාලම යට කලපු තිරයට දමා අවහිර කරමින් අපද්‍රව්‍ය එකතු කර ඉවත් කිරිමේ කටයුතු වල නියලි සිටිති.
මිගමුව කලපුවේ 3500 අධික පිරිසක් තම ජිවනපෝය සදහා ධිවර රැකියාවේ යෙදි සිටිති. ජාඇල, සිදුව, දඩුගම, කටුනායක,මුල් අක්කරේ,තලාදුව,පිටිපන,තලාහේන,සෙත්තප්පාඩුව,බාතියාවත්ත,කැපුමිගොඩ යන ප්‍රෙද්ශවල වල බහුතරයක් ධිවර රැකියවේ නියලෙන්නේ මිගමුව කළපුවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගිනිගත් නෞකාවේ අපද්‍රව්‍ය මීගමු කළපුවෙත්