(සුමිත් ප්‍රේමතිලක)
වාද්දුව දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා සේවකයින් නිවෙස් වල නිරෝධායන කළ පිරිස අතර ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ රාජකාරි කරන සේවකයා ද නිවෙස්ගත කර කිරීමට හේතුවෙන්, එම හරස් මාර්ගය අනාරක්ෂිත වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
දුම්රියක් ධාවනය වන අවස්ථාවක එම ගේට්ටුව වසීමට මේ වන විට කිසිදු සේවකයකු නොමැත. දුම්රිය ගේට්ටුව ද විවෘතව ඇත.
ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, පාර්සල් භාර ගැනීම සහ නිවේදන කටයුතු සිදුකිරීම ඇතුළු කිසිදු සේවාවක් දුම්රිය ස්ථානය තුළ සිදු නොවන අතර , දුම්රිය මගීන්ට දුම්රියන්ට ගොඩවීමට සහ දුම්රියෙන් බැස පිටව යාමේ පහසුකම් පමණක් සලසා තිබේ.
එහෙත් විශාල වාහන ප්‍රමාණයක් ගමන් ගන්නා ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ සේවකයකු අනිවාර්යෙන්ම යෙදවිය යුතු බවට ප්‍රදේශවාසීහු චෝදනා නගති .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගේට්ටුකරු නිරෝධායනයේ:දුම්රිය අනාරක්ෂිත ගමනේ
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 May 2021 03:18 AM
දුම්රිය බලධාරීන් නින්දේ.අහිංසක මිනිස් ජීවිත මරුවාට අත වනනු පෙනේ.කෝ මේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් කෑ මොරදෙන දුම්රිය වුර්ථීය සමිති කාරයන්.ඒ අයට තම වගකීම් හා යුතුකම් ගැන පේන්නේ නැහැ. පේන්නේ ඉල්ලීම් හා අයිතිවාසිකම් ගැන පමණයි.
ජයන්ත මිලානො Thursday, 13 May 2021 04:05 AM
ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බව සහ මනාපරිපාලනයේ දක්ෂතාවය...
sancharana seema Thursday, 13 May 2021 05:10 AM
ඔය මිනිහා හිටියත් නැහැ වගේ තමයි. ඔය හැම පැත්තටම වැහෙනවා වටයක් කරකවා රේල් පාර වහන්න කෙනෙක් වාද්දුවේ නැතිද?
sharm warn Thursday, 13 May 2021 05:57 AM
දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ විශාල සේවක අතිරික්තයක් තියෙන ආයතනයක් කියලා රටම දන්නවා. එතකොට මේ වගේ වගකිව යුතු වැඩකට වෙනත් සේවකයෙක් යොදවන්න කොහෙත්ම බැරිකමක් නැහැනේ. මෙයාලගේ අකාර්යක්ෂමතාවයේ උපරිමය තමයි මේ පෙන්වන්නේ. තව කොහේද? මේ රට දියුණු කරන්නේ.. මෙතන අනතුරු දෙක තුනක් වෙලා මාධ්‍ය සංදර්ශනයක් යනකල් මේ පළාතෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීකාරයාත් හොඳට නිදාගෙන ඉඳියි..
සෙනවි Thursday, 13 May 2021 08:42 AM
වෘත්තිය සමිති කියන ඒව අහන්න ඕන කමක් නැහැ.මෙය දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමක්. අනුන්ට දොස් කියන්න අවශ්‍ය නැහැ.