
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රටට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් 1935 වසරේදී ආරම්භ කළ සති පිරිත් දේශනය මෙවර අඛණ්ඩව 89 වැනි වරට එම විහාරස්ථානයේදී ඉකුත් 1 වැනිදා ආරම්භ වූ අතර අද (8) දින එය අවසන් විය.
එහිදී විහාර සම්ප්‍රදායානුකූලව දොරකඩ අස්න කියවීම ද සිදුකෙරුණු අතර දේව දූතයා ලෙස දොරකඩ අස්න සඳහා සහභාගී වූ විසල් තරුෂික පනාගොඩ සහ දේවදූත ආරක්‍ෂකයින් ලෙස කටයුතු කරන අධීෂ කරුණාරත්න, සවිරු සස්විඳු යන දරුවන් ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් සහ මාතර, හිත්තැටිය මුදලින්ද පිරිවෙන් විහාරවාසී ගජනායකගම කස්සප හිමියන් මෙහි සිටි.
ඡායාරූපය - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd