IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කුසගින්න නිවා ගන්න යාළුවකු සෙවූ දරුවන්ට දිවා ආහාරය

(අමදෝරු අමරජිව)

ආර්ථික අපහසුතා නිසා පාසලට දිවා ආහාරය රැගෙන ඒමට නොහැකි වු සිසුවියක් වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බලාපොරොත්තුවෙන් එම පංතියට මාරුකර දෙන ලෙස කළ ඉල්ලිමක් විදුහල්පති මගින් දැන ගත් සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා රූපවාහිනියේ අනුශාසක ය අලුදෙනියේ සුබෝධි හිමි එම පාසලේ ආර්ථික අපහසුතා ඇති සිසුන් සියදෙනකු වෙනුවෙන් දෛනිකව දිවා ආහාරය ලබාදිමට ආරම්භ කලහ.

කන්තලේ ගංතලාව මහා විද්‍යාලයේ 7 ඒ පංතියේ ඉගෙනුම ලබන සිසුවියක් ආර්ථික අපහසුතා මැද නිරාහාරව පැමිණ දිනපතා සිය මිතුරියගේ දිවා ආහාරය එකට එක්වි බෙදාගෙන ආහාරයට ගත් අතර සිය මිතුරිය වෙනත් මිතුරියක සමග ආහාර ගැනිම නිසා තමන්ට වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බෙදාගෙන ආහාරයට ගැනිමට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලිමක් විදුහල්පති පද්මසිරි කෝට්ටේගොඩ මහතා විසින් මෙම සංවේදි කාරනාව ප්‍රදේශයේ පාසල් ප්‍රජාවට උදව් කරන  අලුදෙනියේ සුබෝධි හිමියන්ට දැනුම් දෙනු ලැබිය.

ඒ අනුව අදාල සංවේදි කාරනාව සැලකිල්ලට ගෙන පාසලේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් සියයක් වෙනුවෙන් දෛනිකව ආහාර වේලක් ලබාදිමට අලුදෙනියේ සුබෝධි හිමියෝ අවශ්‍ය පියවර ගනු ලැබුහ.

මේ අනුව අදාල දිවා ආහාර වැඩ සටහන මොල්ලිපොතාන අග්‍රබෝධි විහාරාධිපති ගැමුණුපුර ධර්මසේන අමරපුර කල්‍යාණවංශ නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ලේඛකාධිකාරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දිවාආහාර වැඩපි ළිවෙල ආරම්භ කරනු ලැබුහ.

මෙහිදි අදහස් දැක්වු පූජ්‍ය අලුදෙනියේ සුබෝධි හිමි මෙහි එක් දරුවෙකුට ලැබෙන දිවා ආහාරය රුපියල් 100ක් වෙනවා.ඒ අනුව මෙම පුණ්‍ය ව්‍යපෘතියට දිනකට රුපියල් 10000ක් වැය වෙනවා.මාසයකට රුපියල් ලක්ෂ දෙකක පිරිවැයක් දැරිය යුතුයැයි පැවැසීය.



අදහස් (17)

කුසගින්න නිවා ගන්න යාළුවකු සෙවූ දරුවන්ට දිවා ආහාරය

සුරංග Sunday, 30 October 2022 07:46 AM

පළමු දවසේවත් හාමුදුරුවන්ගේ අතින්ම බෙදලා දුන්නානම් මෙම පුණ්‍ය කර්මයේ ආනිසංස තවත් වැඩිවෙනවා කියලා හිතෙනවා.. එක් අතකින් මම සතුටු වෙනවා කාලයක් මෙම විහාරස්ථානයේ විවිධ කටයුතු සඳහා මුදල් ලබාදීම කළ නිසා ඇත්තටම පෙර කළ වැඩට වඩා මෙම පුණ්‍ය කර්මය ඉතාමත් වටිනවා..

:       16       26

තරිඳු වීරකෝන් Sunday, 30 October 2022 10:09 AM

බොහොම පින් ලංකාදීපයට අර්ථාන්විත සත්පුරුෂ ප්‍රවෘත්තියක් වාර්තා කිරීම වෙනුවෙන්...!

:       2       134

Senaka Sunday, 30 October 2022 10:44 AM

සාධු සාධු සාධු! උතුම් සත්කාරයක්...!

:       3       86

Janaka Sunday, 30 October 2022 10:57 AM

ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ තවත් උතුම් පින්කමක්. තව තවත් මෙවන් උතුම් පින්කම් කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්‍යය ලැබේවා...!

:       4       74

surasena Sunday, 30 October 2022 12:20 PM

අර රුපියල් කෝටි ගණන් ගැහැණුන්ට දීලා, නැතිකරගෙන පරාදවෙලා ඉන්න අයටත් මේවා හොඳ පාඩම්...!

:       5       40

shanika jayawardhane Sunday, 30 October 2022 12:28 PM

ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ ශාන්තියම ලැබේවා..!

:       2       76

Samantha Sunday, 30 October 2022 01:54 PM

හරිම ආශ්චර්යයයි. ඒ උතුම් මහා සංඝරත්නය කෙතරම් අනුකම්පාවෙන් යුතුද? ඒ උතුම් මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා...!

:       2       58

Sk Sunday, 30 October 2022 02:49 PM

පින්වන්ත හාමුදුරු නමක්... අනිත් අයටත් ආදර්ශයක් වේවා..!

:       2       45

de silva Sunday, 30 October 2022 02:50 PM

සමහර හාමුදුරුවරු ළඟ අලි, ඇත්තු ඉන්නවා. සමහරු ළඟ වී8 තියෙනවා. ඒවා හොඳ මදි කියලා රේන්ජ් රෝවර් එකක් ගමු කියලා වී8 එක කොහේවත් ඉන්න ගෑණුන්ට දීලා විසඳගන්න බැරිව උසාවි යනවා. මේ හාමුදුරුවරු අඩුම වශයෙන් දුප්පත් ළමුන්ට කන්න ටිකක් හරි දෙනවා.

:       1       34

saman Sunday, 30 October 2022 02:56 PM

ඔබ වහන්සේට බුදු බව ලැබේවා... මේ අසරණ ළමයින්ට දුන් දානය වෙනුවෙන්... අද ජනාධිපතිතුමත් හොයලා බලන්නේ රෝයල් එකේ අඩුපඩි විතරයිනේ...

:       1       112

Shiromi beragama Sunday, 30 October 2022 09:26 PM

සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේලාට තෙරුවන් සරණයි. ආදර්ශමත් ක්‍රියාවක්.

:       2       25

මරික්කාර් Monday, 31 October 2022 07:05 AM

මෙම පුණ්‍ය කාර්ය ඉටුකිරීමට දායකවූ ඔබ වහන්සේට ගොඩාක් පිංසිද්ධවේ, ලංකාවේ දනට තියන සියලුම පාසල්වලට මෙම පුණ්‍ය සත්කාරය සිදුකිරීම අවශ්‍ය වෙන කාලය ඉතාම ළඟා වී ගෙන එනවා. මේ සත්කාර සේවාව පලකිරීමට ලංකාදීප පත්තරේටත් ගොඩාක් පිං.

:       2       12

sharm warn Monday, 31 October 2022 12:50 PM

ඇයි මේ පළාතේ ගරු කටයුතු කවුරුවත් නැතිද? ජනතාවනි, දැන්වත් තේරුම් ගන්න. ඔවුන් ඔයාලට තහඩු කෑල්ලක් දික්කරලා ඔයාලාගෙන් උදුරගත්තේ මොනවාද කියලා...!

:       0       6

බද්රානි Monday, 31 October 2022 07:24 PM

පාලකයොයි, පුජකයෝයි එකට එකතු වෙලා බිහිකරපු හිඟන දරුවන්ට කන්න දුන්නයි කියල නම්, කල පව් කමා වෙන එකක් නැහැ කවදාවත්. බාල පරම්පරාව හිඟන කමින් මුදා ගන්නවා වෙනුවට, හිඟමනට කුඩා කාලයේ පටන් හුරු කිරීමත් නරකම නැහැ. අපි නම් අඬ බෙර ගහලා දානේ දෙන්නේ නැහැ.

:       1       1

shyamalie de Silva Monday, 31 October 2022 09:03 PM

ඉතාම වටිනා වැඩසටහනකි. පින්වත් ස්වාමින් වහන්සේ හා උපකාර කරණ සියලු දෙනාටම බොහෝ පින්.

:       1       2

sampath Monday, 31 October 2022 09:52 PM

සේරුවිල වගේ ගොවි බිමක දරුවන්ට මෙහෙම කරපු ආර්ථක ඝාතකයන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙනකම් බලන් ඉන්නයි ජනතාවට වෙලා තියෙන්නේ.

:       1       3

නෙලා Tuesday, 01 November 2022 01:30 PM

පුණ්‍ය කර්මය කෙසේ වෙතත් ළමයිනේ අනන්‍යතාවය ආරක්ෂා වෙන්න චායාරූප ඇතුලත් කරන්න තිබ්බ. ආර්ථික අපහසුතා ඇති උනත් ප්‍රසිද්ද කරන්න පන්තිය සහ රූපය සමගම පල කිරීම එම ළමයින්ගේ අයිතිවාසිකම් කඩවීමක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1047 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 252 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site