IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කල්පිටිය මුහුදේ ඩොල්පින් රැඟුම්

(එච්.චන්දන)

පුත්තලම - කල්පිටිය අර්ධදීපයේ  මුහුදු තීරයේ  මේ දිනවල ඩොල්පින් මසුන්ගේ රැගුම් දැක බලා ගැනීමට හැකි බව සංචාරක මග පෙන්වන්නෝ පවසති.

ඉකුත් සති අන්තයේ ඩෝපින් නැරඹීමට විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණ සිටියහ.

කල්පිටියේ සිට නොරොච්චෝලේ දක්වා  මුහුදු තීරයේ බොට්ටුවකින්  මද දුරක් ගිය විට මෙම ඩොල්පින් මසුන්  දැක ගත හැකිවේ. 

ඩොල්පින් රංචු ලෙස හා තනි තනියෙන්ද  මහ මුහුදේ විවිධ ස්ථානවල සැරිසරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.



අදහස් (4)

කල්පිටිය මුහුදේ ඩොල්පින් රැඟුම්

sirimal Thursday, 12 March 2020 08:53 AM

ලංකාවේ තල්මසුන් සහ ඩොල්ෆින් ඇතුළු මත්ස්‍යන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය නීති කඩිනමින් සකස් කළයුතු වෙයි. මෙම පින්තුරවල දක්නට ලැබෙන ආකාරයට මසුන් දැක බලාගන්නට යන බෝට්ටු එම සතුන් ගෑවෙන නොගැවෙන තරමට කිට්ටුවට යන බවයි පෙනෙන්නේ. මෙය කිසිසේත්ම අනුමත කළහැකි දෙයක් නෙවේ. වෙන රටවල සංචාරකයින් තල්මසුන් හෝ ඩොල්ෆින් මසුන් නැරඹීමට ගෙන යන බෝට්ටු සඳහා බුරුලක් නැති නීති ක්‍රියාත්මක කරනු ලබයි. බෝට්ටු හිමියන්ද මෙම සතුන්ගේ වටිනාකම දන්නා බැවින්ද ඔවුන්ගේ ජීවනෝපාය රැඳී පවතින්නේ මේ සතුන් ඉන්නා තුරු පමණක් බව දන්නා බැවින්ද එම නීති අකුරටම පිළිපදිනු ලබයි. ඒ රටවල පවත්නා නීති අනුව මේ සතුන් ඉන්නා ස්ථානවලට යාමේදී නියමිත දුර ප්‍රමාණයකින් බෝට්ටු පැදවිය යුතු වෙයි. මේ පින්තුරවල පෙනෙන ආකාරයට එම සතුන්ගේ ළඟටම යාමට කිසිම අවසරයක් ලැබෙන්නේ නැත. තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් මුහුදේ ඉන්නේ සංචාරකයින් පිනවීමට නොවන බව කවුරු කවුරුත් වටහාගෙන ක්‍රියා කළයුතු වෙයි. මේ අපේ තවත් ජාතික සම්පතක් බවද වටහා ගත යුතුය.

:       0       176

kamalThursday, 12 March 2020 09:21 AM

අනේ මහත්තයෝ, ඔය බෝට්ටු ඔක්කොම පළාත් බබ්බුන්ගේ. ඔබතුමා මේ ලංකාවේ ඉන්නවානම් හොදාකාරවම දන්නවානේ. පළාත් බබ්බුයි නීතියයි. අතින් අත බැඳගෙන ඉන්නවා කියලා.

:       0       21

sirimalThursday, 12 March 2020 11:42 AM

කමල් ඔබ කියනදේ සියයට සීයකටත් වඩා ඇත්තයි. මෙම ප්‍රශ්නයේදී විතරක් නෙවේ අනෙකුත් හැම ප්‍රශ්නයකදීම නිසි විසඳුමක් ලබාගන්නට ලැබෙන්නේ නැත්තේ අපේ රටේ ඇති මේ අප්‍රමාණ දේශපාලන ඇඟිලි ගැසීම් නිසයි. වියතුන් පාර්ලිමේන්තුවට යවා දුෂණයෙන් තොර පාලනයක් ඇතිකරනවා කියල පොරොන්දු උන අය ඉදිරි මැතිවරණය සඳහා නම යෝජනා දීලා ඇති ආකාරයෙන්ම පෙනෙනවා නේද මේ කිසිම කෙනෙක් දේශපාලනය කරන්නේ අවංක චේතනාවෙන් නෙවේ කියලා. අපේ රට කවදා මේ තත්වගෙන් ගොඩ ඒවිද කියා කියන්න නම් අමාරුයි. හිතට දුක ඒකයි.

:       3       108

PradeepFriday, 13 March 2020 04:40 AM

ඉතින් සිරිමල් කියන්නෙත් ඒකම තමයි. පළාත් බබ්බුන්ගේ හරි කාගේ හරි වුනත් කමක් නෑ. නිතිය ක්‍රියාත්මක කල යුතුයි. එමෙන්ම මෙහි පල විපාක ගැන ඔවුන් දැනුවත් කල යුතුයි. සිරිමල් කිව්වා වගේ මේ මසුන් මේ අකාරයටම සිටියොත් තමයි මේ අයට අදායමක් තියෙන්නේ. එක රැක ගැනීම ඔවුන්ගේත් වගකීමක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site