
(වසන්ත චන්ද්‍රපාල සහ නවරත්න සමරතුංග)
පවතින අයහපත් කාලගුණ තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේද කාලගුණ තත්වය මුලුමනින්ම වෙනස් වි තිබේ . අම්පාර දිස්ත්‍රික්කය පුරාවටම සුලං තත්වයක් ඇති අතර දැඩි සීතලක් ද පවතී.
වැසි බර කාලගුණය සමග මුහුදේ රළුවීම නිසා නින්දවුර් ප්‍රදේශයේ මුහුදු තීරය දැඩි මුහුදු කෑමකට ලක්ව තිබේ.
නින්දවුර් ප්‍රදේශයේ මුහුද අසලින් ඇති මාර්ගය ආසන්නයටම මුහදු කෑමට ලක්ව ඇති අතර එම මාර්ගය මුහුදට කඩාගෙන යෑමේ අවධානමක් තිබෙන බව ප්‍රදේශවාසිහු පවසති.
මුහුදු කෑමට ලක්ව ඇති ප්‍රදේශයේ කඩිනමින් කලුගල් ඇතිරීමට පියවර ගන්නා බව වෙරල සංරක්ෂණ දෙපාර්මේන්තුවේ පොතුවිල් කල්මුනේ ප්‍රදේශය භාර සැලසුම් සහකාර එම්.අයි. එම්.ජසුර් මහතා පැවසීය.
මේ අතර පවතින සුලං තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 126 කට හානි සිදුවි ඇති බව අම්පාර දිසාපති ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා පැවසීය. උහන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරි වසම් 31 ක නිවාස 85 ක්ද, අම්පාර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයයේ නිවාස 20 ක්ද දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවාස 05ක්ද, නාවදන්වැලි කොට්ඨාශයේ නිවාස 8ක්ද,සමන්තුරේ කොට්ඨාශයේ නිවාස 06 ක්ද,කාර්තිව් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශාය් නිවාස 03 ක්ද , පදියතලාව කොට්ඨාශයේ නිවාස 01 ක්ද , තිරුක්කෝවිල් කොට්ඨාශයේ නිවාස 01ක් ද සාමාන්‍ය වශයෙන් හානි සිදුවී තිබේ.


2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
163
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කාලගුණයෙන් අම්පාරටත් දැඩි හානි
gamsabaa Thursday, 08 December 2022 05:34 PM
රට වටේම මුහුද ගැඹුරට හාරලා ඒ වැලි විකුණලා අපේ රට ඒ ගැඹුරට හාරා ගත්ත වලටම ගිලා බසින හැටි බලාගනිල්ලා. මේක අපේ පාලකයෝ අපිටම කපපු වල.
asela90Friday, 09 December 2022 03:47 PM
රාජපක්ෂලා තමයි සෞදි අරාබියට අපේ මුහුද විකුණගෙන කෑවෙ. ඒ නිසා තමයි අද සෞදි ආබියේ දූපත් බිහිවෙලා අපේ රට ගිලාබහින්නේ.
බද්රානි Friday, 09 December 2022 02:49 AM
ලංකාවෙ මුහුද හාරලා චීනා හදාපු ඔවුන්ට අයත් "පොර්ට් සිටි" භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවෙන් සුළු බිම් කඩක් චීන හමුදා මුලස්ථානය වෙනුවෙන් මේ සිරි ලංකා භූමියෙන් ඉතිරි වෙනවා නම් ඒ හොඳටම ඇති.. මේ මව්බිම චීනෙට වික්ක ජාතිය මේ රටෙන් තොලොංචි වෙලා යා යුතුමයි!!! උඹලට වෙලා තියන නස්පැත්තිය තේරුම් ගන්න බැරි නම්, ගේ අසල මිදුලේ විශාල වලක් හාරා බලපල්ලා ටික කාලෙකින් ඔය ගෙදරට අත්වෙන ඉරණම... ඔයගැන හිතන්න අමුතුවෙන් ඉංජිනේරු උපාධියක් ඕනා නැහැ, මොඩයිනේ ,, ඔය භුමිය මුහුදු ඛාදනය වෙන එක දැන් වලක්වන්න බැහැ..