මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව වාන් දැමීමට පටන් ගෙන තිබේ.
අද (07) උදෑසන වන විට අඟල් 10 ක ප්‍රමාණයක් කණ්ඩලම වැවේ වානෙන් ජලය පිටවන බවත් තප්පරයකට ඝන අඩි 600ක් පිටවන බවත් මහවැලි තාක්ෂණ ඉංජිනේරු එම් .එච් .එන් .ආර් .බණ්ඩාර මහතා පැවසීය.
මේ හේතුව නිසා දඹුල්ල සිට වෑවල වැව දක්වා ධාවනය වන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට සුළු වශයෙන් බාධා එල්ල වී තිබිණි.
කණ්ඩලම ජලාශයෙන් පිටවෙන වාන් ජලය මිරිස්ගෝනිය ඔය හරහා කලා වැවට ලැබෙන අතර මේ වන විට කලාවැවේ ද වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙන බව මහවැලි නිලධාරීහු පවසති.
කණ්ඩලම ජලාශයට බෝවතැන්න ජලාශයෙන් විශාල වශයෙන් ජලය ලැබෙන අතර මේ වන විට කණ්ඩලම ජලාශයේ සොරොව්ව දෙකම විවෘතකර ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීම සිදුකරන බවද මහවැලි නිලධාරීහු පවසති.
(කාංචන කුමාර ආරියදාස)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කණ්ඩලමත් වාන් දමයි
Ravindra Seneviratne Thursday, 08 November 2018 02:26 PM
හොඳ ඡායාරූපයක්... බස්රථ රියැදුරා මනුෂ්‍ය ජීවිත බිල්ලට තබායන ගමනක්...