IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කැඩුණු දුම්රිය මැදිරිවලට යළි පණ දෙයි

(යොහාන් භාසුර)

රත්මලාන දුම්රිය වැඩපොලේ මේ වන විට අනතුරුවලට ලක්වූ දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි රැසක් අලුත්වැඩියා කරමින් පවතින බව එම දුම්රිය වැඩපොලේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම දුම්රිය එන්ජින් සහ මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුව මගින්ම අලුත්වැඩියා කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ඉතිරි කරගැනීමේ අවස්ථාව ලැබෙන බව ද එම නිලධාරියා කීය.



අදහස් (8)

කැඩුණු දුම්රිය මැදිරිවලට යළි පණ දෙයි

Asela Tuesday, 20 December 2022 11:08 PM

ඒක ඒ අයගේ රස්සාව නැත්තම් රටට අමතර දෙයක් කරනවද?

:       3       31

arschfikaa Tuesday, 20 December 2022 11:16 PM

මාර ඉතිරි කිරීමක් නේ මේ අය කරන්නේ.? මේ අයම දුම්රියවල් කඩලා අමතර කොටස්ටික විකුණලා දාලා, එකෙන් සල්ලි හම්බකරගත්තා. දැන් නැවතත් පන දෙනවා කියලා ඒවා විකුණලා ආයෙමත් හම්බකරයි.

:       5       25

thivanka Wednesday, 21 December 2022 01:55 AM

මේක අලුත් දෙයක් නොවෙයි. හැමදාම දුම්රිය දෙපාර්තමේන්තුව ම මේවා අලුත් වැඩියා කරනවා.

:       1       34

daguna Wednesday, 21 December 2022 06:01 AM

කෝටි ගානක මුදල් ඉතිරියක් වෙනවා නෙවෙයි කෝටි ගානක මුදල් නාස්තියක් වුනේ නැහැ.

:       1       23

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 December 2022 01:48 PM

අපි නොදන්න අළුත්වැඩියාව ... පහුගිය දවසක කොළඹ කොටුවෙන් රාත්‍රී දුම්රියකට නැග්ගා. ඒක ධාවනය වුණේ අලුත්ගම දක්වායි. අලුත්වැඩියා කළ මැදිරි තමයි තිබුණේ. අපි ආපු පරණ පෙට්ටියේ එක් වැසිකිලියක් ගලවලා එතන ඉඩගන්න තහඩුවක් ගහලා.බොහොම අමාරුවෙන් තහඩුව උඩ මිනිසුන් නැගගෙන ආවේ.මොකක් හෝ පෙර පිනක් තිබිලා කඩාගෙන වැටුණේ නැහැ.කෝච්චියේ පෙට්ටි හරියට පතෝල මැස්ස වගේ පැද්දෙනවා.බුරුල්වු ඇණ මුරිච්චි වලින් කන් හිරිවැටෙන ශබ්ද නිකුත් වෙනවා.ඔන්න ඔහොම තමයි මේ අලුත්වැඩියා කිරීම් වල අපූරුව ..

:       2       10

Bunny Preena Wednesday, 21 December 2022 02:12 PM

ලොකු නින්දකින් පස්සේ ඇහැරිලා වගෙයි

:       2       4

Deepal Nirosh Wednesday, 21 December 2022 05:15 PM

මෙන්න පණ දෙනවානම් ව්‍යාපෘති. බොරුවට රටේ ආනයන වියදම් ඉහළ දමන සැහැල්ලු, විදුලි, අධිතාක්ෂණික... මෙකී නොකී ව්‍යාපෘතිවලට වඩා මේවා ඉදිරියට කරගෙන යාම රටට කොතරම් ආර්ථික ඵලදායීතාවයක්ද?

:       2       1

Ruhunu Wednesday, 21 December 2022 06:00 PM

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න මළකඳන් වලටත් පණ දුන්නොත් හොඳයි නේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site