පසුගිය අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් වු කොළඔ, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කිරීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 27) ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ උපදෙස් අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟපෙන්විම මත නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සෘජු අධික්‍ෂණය යටතේ නාවික හමුදා නිලධාරින් සහ නාවිකයින් 100 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා අනුයුක්ත කරන ලදී.
මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම අදියර අද දවස පුරා සිදු කරන ලද අතර, එහිදී ප්‍රහාරයෙන් පසු සුන්බුන් වන ලද කොටස් සහ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන්ගේ විනාශ වු බඩු භාහිරාදිය වල කොටස් අදියරයෙන් අදියර ඉවත්කර දේවස්ථානය සම්පූර්ණයෙන් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් සෝදා පිරිසිදු කරන ලදි.
මේ සඳහා නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ ආපදා රථ, ජල බවුසර්, ට්‍රක් රථ සහ අනෙකුත් උපකරණ යොදාගන්නා ලද අතර, දේවස්ථානය කඩිනමින් අළුත්වැඩියා කර යථාතත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.






ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය අනුග්‍රහයෙනි








ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
2025 දෙසැම්බර් මස 18
163
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොචිච්කඩේ දේවස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
Mala Tennakoone Saturday, 27 April 2019 03:47 PM
මොනවා කියන්නද ඇඩෙනවා දකිනකොට
sharm Sunday, 28 April 2019 01:22 AM
කවදත් ඉතින් අපේ ත්‍රිවිධ හමුදාවන් තමයි ආපදාවකදී ජිවිතේ පරදුවට තියලා වැඩ කරන්නේ. මේ සොහොයුරන්ට දේව ආශිර්වාද ලැබේවා ....