IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොකේන් ටොන් එකක් ජනපති - අගමැති ඉදිරියේ විනාශ කෙරේ

(ඉන්දිකා රාමනායක/ ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් ඉදිරියේ අද(15) විනාශ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් කටයුතු කරනු ලැබීය.

අධිකරණ නියෝග මත ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කොට තිබූ මෙම කොකේන් තොගය එහි සිට පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දැඩි තාපයකින් යුත් ආරක්‍ෂිත ගිනි උඳුනක දමා පුළුස්සා විනාශ කිරීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කළ ප්‍රථම වතාව මෙය බව කියැවේ.

ඉක්වදෝරයේ සිට බෙල්ජියම හා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ ‘මුන්රා’ වරයාට යන ‘එම්.එස්.සී. පැබිලෝ’ නෞකාවේ කන්ටේනරයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.එබ්ලිව්.කේ. සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව 2016 දෙසැම්බර් මස 09 වැනිදා කොළඹ වරාය තුළ රේගු නිලධාරීන් සමඟ එක්ව කළ  මෙහෙයුමකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගනු ලැබිණි.

 

 



අදහස් (25)

කොකේන් ටොන් එකක් ජනපති - අගමැති ඉදිරියේ විනාශ කෙරේ

suran Monday, 15 January 2018 07:00 AM

ජනපතිතුමාට අපගේ උත්තමාචාරය , අනෙක් පුද්ගලයා ගැන නම් විශ්වාශයක් නැහැ.

:       404       440

නවින්Monday, 15 January 2018 07:35 AM

අනෙක් පුද්ගලයා නැත්නම් ඉතින් අඩි හයක් යට තමයි.

:       166       159

sahanTuesday, 16 January 2018 08:10 AM

මේ දවස්වල කියවන්නේ නම් ඕව ගහල වෙන්නැති...

:       0       0

dayal Monday, 15 January 2018 07:11 AM

ඕක මුදල් වියදම් කරලා උත්සව අරගෙන කරන්න තරම් ලොකු දෙයක්ද?

:       85       249

roshan Monday, 15 January 2018 07:20 AM

යකෝ මෙව්වනේ උත්සව! ප්‍රසිද්ධියේ විනාශ කිරීමේ උත්සවය...

:       7       134

prasanka Monday, 15 January 2018 07:30 AM

මෙහෙමත් හැම දේකටම උත්සව ...

:       49       125

ලුම්බිණි Monday, 15 January 2018 07:32 AM

මේකටත් ලොකු උත්සවයක්ද? මෙතුමන්ලාට මීට වඩා වැදගත් දෙයක් නැද්ද?

:       62       207

vernon Monday, 15 January 2018 08:42 AM

ලංකාවේ අල්ලපු හොර මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ කියලා සමහරු ප්‍රශ්න කළා. දැන් ඒක ප්‍රසිද්ධියේ විනාශ කළාම ඒකට මොකටද උත්සව කියලා අහනවා.

:       168       251

prasankaMonday, 15 January 2018 10:13 AM

ජනාධිපති, අගමැති උත්සවයට එන්න වියදටම කොච්චර කියලා දන්නවද?

:       19       122

RaveendraMonday, 15 January 2018 01:32 PM

vernon මය වෙත, ඔබගේ අදහස් වලට අප ගරු කරන්නෙමු.රටේ සාමාන්‍ය පුරවැසියන් හැටියට මිනිස්සුන්ට ස්වාබවිකවම ඇතිවෙන ප්‍රස්නයක් තමා මේ අල්ලන කුඩුවලට මොකද වෙන්නේ කියල.එය ලක්මවට අවන්කවම ආදරය කරන මිනිසුන්ගේ හැටි. අද රටේ තිබෙන නිවට දේශපාලනය ගැන සිතීමේදී හා මුදල් පසුපස පිස්සු බල්ලන්ලෙස දුවයන"අය දෙස බැලීමේදී එය සාදාරණ සැකයකි. ඔබ සමහරවිට පාට කන්නාඩි දමා මෙය දෙස බලනා විය හැකිය එනමුත් අපට නම් එසේ බැලීමට අවශ්‍යම නැත.( මොන නිවට පක්ෂය බලයට ආවත් අපිටනම් අදාලම නැත).මක්නිසාදයත් අප කිසිදින කිසිදු පක්ෂයකින් යපුනෙත් නැත යපෙන්නෙත් නැත.නමුත් රටේ තිබෙන " සියලුම පක්ෂ යපෙන්නෙත් සුර සැප විදින්නෙත් ඉදිරියටත් මෙසේ සැප විදින්නෙත් ඔබගේත් අපගේත් බදු මුදල් වලින් බව හොදින් මතක් තියාගැනීම වැදගත්වනු ඇත.කුඩු විනාශ කිරීමට මෙවැනි උත්සවයක් ගැනීමත් මොන තරම් මුදල් නාස්තියක් ද යන්න ඕනෑම ළදරුවෙකුටත් තේරෙන අතර ඔබට නොතේරීම කනගාටුවකි. මෙම නිවට "දේශපාළුවන්" අනාගතයේදී "චිරාත් කාලයක් පවිත්‍ර නොකරපු රජයේ වැසිකිලි වලවල්" සුද්ද කිරීම වෙනුවෙනුත් උත්සව පවත්වනු ස්ථිරය.

:       117       1016

sachithTuesday, 16 January 2018 02:47 AM

ඔබතුමාගේ අදහස 1000% නිවැරදියි. රටේ අවාසනාවට බහුතරයක් ඉන්නේ පාට පාට කන්නාඩි දාගෙන. හැබැයි එයාලට තේරෙන්නේ නෑ දේශපාලකයෝ තමන්ගේ වාසියට මේ කන්නඩි මාරු කරනවා කියලා. ජනතාව හැමදාම එකම කන්නාඩිය දාගෙන තමන්ගේම මිනිස්සු එක්ක රණ්ඩු වේවි ඉන්නවා.

:       0       31

vernonTuesday, 16 January 2018 04:19 AM

ඔබ පසුගිය පුවත්වලට දැමූ ප්‍රතිචාර අනුව ඔබ ඉන්නේ මොන මතවාදයේද යන්න ඉතා පැහැදිලියි. මෙතන මොන යම් හෝ ඉහළ තැනැත්තෙකු ගෙන්වීම නිසා අතිරේකව වැයවන පිරිවැය හැකි නම් ගණනය කර පෙන්වන්න. රාජ්‍ය නායකයකු පුද්ගලික විවාහ මංගල්‍යකට සහභාගී වුනා නම් ඔය තර්කය හරි. ඒත් මේක රාජකාරි කටයුත්තක්. හෙන්රි මින්ට්ස්බර්ගේ කළමනාකරුවෙකු සතු භූමිකා 10 ගැන පොඩ්ඩක් කියවන්නකො.

:       39       46

K PereraTuesday, 16 January 2018 05:01 AM

Vernon ඔබගේ අදහසට ගරුකරනවා! නමුත් සමහරක්ට ආණ්ඩුව කොපමණ හොද කෙරුවත් වපර ඇහැකින් බලන්නේ! එයාල එතරමටම බංකොලොත්!

:       23       3

Hafeel Monday, 15 January 2018 08:47 AM

මේ වගේ කටයුතුවලට මේ අය සම්බන්ධ කරගැනීම ලැජ්ජා සහගතයි.

:       27       59

කුමාර් (ගල්ෆ්) Monday, 15 January 2018 11:02 AM

ගිය ආණ්ඩුව කාලේ කන්ටේනර් ගණන් අල්ලලා අගමැති කාර්යාලයේ ලියුම් වලට රේගුවෙන් නිදහස් කරපු කුඩු කන්ටෙනරේට මොනවා වුණාද දන්නේ නෑ.

:       1       26

hira Monday, 15 January 2018 11:25 AM

මේවාට තමයි මෙගා ඩ්‍රාමා කියන්නේ. මාර්කටින් ස්ට්‍රැටජික්!!! මේක විනාස කරන්න මේ ගොල්ලන් ළඟ ඉන්න ඕනෙද? වෙන රටවල්වල මේවගේ දේවල් වලට රටේ ජනාධිපති ඇවිල්ලා ඉඳගෙන බලාගෙන ඉන්නවද? මේක ඇත්තටම විනාස කරයිද කියලා ෂුවර් එකක් නැතුව ඇති...

:       1       62

asad Monday, 15 January 2018 11:58 AM

මහජන මුදල් වියදම් කරමින් එව්වටත් උත්සව... ජනතාවට දෙයියන්ගේම පිහිටයි තමයි.

:       0       106

ravi Monday, 15 January 2018 12:07 PM

අපේ රට විනයගරුක, නීතිගරුක රටක් බවට පත්කල හැකි එකම පුද්ගලයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා පමණයි...!!! එ්ත් අවුරුදු 70ක් කරුපු පව් අවුරුදු 3කින් ගෙවන්න බැරිබව අපි දැනගත යුතුයි. අපි විශ්වස කරනවා 2020වෙන විට අපේ රට අලුත් මුහුණු වරකින් සහ ජාත්‍යන්තර වශයෙන් ඉතා ලොකු පිළිගැනීමකින් යුතු රටක් බවට පත්වෙයි කියලා... එසේම වේවා! ජයවේවා !

:       102       747

manoj Monday, 15 January 2018 12:25 PM

ඡන්දේ ළඟ නිසාම මේවා වෙනවා මිසක් මොකෝ මේවා ගෙන්නන මිනිස්සු කවදාවත් අත්අඩංගුවට අරන් තියනවද?

:       0       39

siri Monday, 15 January 2018 02:00 PM

මොකද ඔතන දෙතුන් දෙනෙක් විතරක් නහය වහගෙන. අනිත් කට්ටිය හුලන්ගේ යන කොකේන් ටිකක් උරන්න බලාගෙන හිටියා වත්ද?

:       0       21

chaminda Monday, 15 January 2018 03:03 PM

මේ වගේම ප්‍රසිද්ධියේ වරදකරුවන්ට දඬුවම් දෙන යුගයක් එන තෙක් ජනතාව බලන් ඉන්නවා. හොඳ ගමනක ආරම්භයක්....

:       0       108

jeewa Monday, 15 January 2018 04:27 PM

මේ කොකෙන් තොගය හොයාගෙන තියෙන්නේ අවුරුදු 2 කලින් ෂුවර් එකටම දැන් පුච්ච්න්නේ පාන් පිටි, අවුරුදු 2 ඇතුලේදී මුදලාලිලා ටික ඕව අරගෙන ගබඩා කරගෙන ඇති මෙයාලා අපිව අන්දනවා.

:       26       50

sahanTuesday, 16 January 2018 08:11 AM

ඔයා හොඳට දන්නවා. ඇත්ත කියන්න ඔයා හිටපු මහරාජාගේ මුර භටයෙක් නේද?

:       0       0

Kumara Tuesday, 16 January 2018 04:33 AM

මේ දේවල් ප්‍රසිද්ධියේ කරන එක හොඳා. එත් ජනපති, අගමැති එන්න අවශ්‍ය නෑ. එයාලට අවශ්‍ය ලකුණු. ඒවා ලැබේවි. තව එකක්, මේවා ගෙන්නන අයත් මේවගේ විනාශ කරන්න ඕන. නැත්නම් මේක නාට්‍යක් පමණි.

:       0       33

සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 07:42 AM

අපිනම් බලාගෙන හිටියේ මහජන දේපල හොරා කාපු අය අල්ලලා මෙහෙම ප්‍රසිද්ධියේ දඬුවම් දෙනවා බලන්නටයි​. ඒත් මොනවා කරන්නද​? මේ නාටක දිහා බලලාවත් හිත හදා ගනිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site