IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක් 2කට තුවාලයි

(යොහාන් භාසුර)

ගිනි ගැනීමකට ලක්ව කොළඹ වරාය ආසන්නයේ නවතා තිබූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අද (25) පෙරවරුවේ ඇති වූ පිපිරීමකින් එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තුවාල ලබා ඇති බව නාවික හමුදාව පවසයි.

පිපිරීමෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයන් වන එම පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කර තිබේ. නෞකාවේ බහලුම්වලින් කීපයක් ද මුහුදට වැවී ඇති බවත් පිපිරීමෙන් ඇතිවූ ගින්න පාලනය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයකින් රසායනික පවුඩර් වර්ගයක් නෞකාවට හෙළීය.

මෙම නැව සම්බන්ධයෙන් නෙදර්ලන්ත විශේෂඥා කණ්ඩායමක් පරීක්‍ෂණ කරමින් සිටි අතර ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද මෙම නැවෙන් සිදුවිය හැකි හානිය පිළිබඳව කටයුතු කරමින් සිටියේය. ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනි ගැනීමකට ලක් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව සහ වරාය අධිකාරිය එක්ව එම ගිනි ගැනීම පාලනය කිරීමට කටයුතු කරමින් සිටියි.



අදහස් (10)

එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක් 2කට තුවාලයි

mbuwa Tuesday, 25 May 2021 07:11 AM

ඔය පුපුරන්නේ සල්ලි මලු නේද.? දෙයියෝ අපිට සල්ලි පුරවපු නැවක් එවලා වගේ...

:       1       1

gamunuWednesday, 26 May 2021 12:44 AM

එක්ස්ප්‍රස් පර්ල් නැව පුපුරා යාමක් සිදුඋවහොත් හෝ එම නාවේ තිබෙන්නාවූ කෙමිකල් අඩංගු දේවල් පුපුරා ගොස් වාතයට විස එක්වීමට ඉඩ තිබේ. ලංකාවේ වෙරල තිරයට මෙයින් සිදුවන්නේ විශාල හානියකි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 May 2021 07:27 AM

ඕනෑම කුණු ගොඩක් පාත්වෙන්නේත් මේ රටටම තමයි. ඒ වගේ තමයි මේ මඟුල ගිණිගන්නත් ආවේ මේ රටටමයි. අලි මදිවට හරක් කිව්වාලු... වැඩ මදි හින්දා තවත් අනවශ්‍ය වැඩ....

:       0       34

NuwanTuesday, 25 May 2021 08:41 AM

මටනම් හිතෙන්නේ ඔය නැවේ රසායනික ගින්න දැන දැනත් ලංකාවේ මුහුදට ආවා කියලයි. මොකද මොන පාරිසරිකවිනාශයක් වුණත් අපේ රටෙන් බේරෙන්න පුළුවන් කියලා දන්න නිසා.. වෙන රටක වුණා නම් ඔය නැව විකුණන්න වෙනවා පාරිසරික විනාශයට වන්දි ගෙවන්න.

:       0       24

VithanaTuesday, 25 May 2021 09:37 AM

ඔව් වෙන්න පුලුවන්. ලංකාවේ ඉන්නවනේ නැව් වලට අධිපති මුදලාලි කෙනෙක්... අර නිරෝධායෙනුත් හම්බ කලේ. එයා මෙයාලාගෙන් ගාණක් ගන්නත් ඇති නැව ලංකාවේ මුහුදට ගෙන්වන්න. එහෙව් මිනිස්සු එයාලා...

:       1       17

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 25 May 2021 09:46 AM

නුවන් මහතාගේ කතාව නිවැරදි වගෙයි පේන්නේ.. අපේ මිනිස්සුන්ට පරිසර විනාශ කරන එක මොන කජ්ජක්ද? නේද? ඒ ගැන කිසිඳු තැකීමක් නැහැ.

:       0       13

duminda Tuesday, 25 May 2021 10:02 AM

ඇයි උෂ්ණත්වය 85%ක් කිව්වේ? මම හිතුවා නිවලත් ඇති කියලා...

:       0       8

sachithTuesday, 25 May 2021 10:09 AM

මාලය, බ්‍රේස්ලට් එකක් වගේ දෙයක් තිබිලා පිපිරෙන්න ඇත්තේ...

:       1       6

kumariTuesday, 25 May 2021 10:15 AM

වෙන මොනවා කියන්නද..? මිනිහා කවදාවත් ඉස්කෝලේ ගිහින් නැහැ. රුහුණු කුමාරියේ යන ගැහැණුන්ගේ රත්තරන් මාල කඩපු හොරා කොහොමද උෂ්ණත්වය මනින එකක ගැන දන්නේ..? මේ වගේ මෝඩයින් තමයි මේ රට පාලනය කරන්නේ... මේවගේ අයට ඡන්දය දුන් බයියොත් මෙයා වගේම මෝඩයි.

:       1       15

amila Tuesday, 25 May 2021 11:20 AM

අලි මදිවට කොටි කිව්වලු..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 41 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site