IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඌව මහ ඇමැතිට එරෙහිව තංගල්ලෙන් විරෝධය

චන්ද්‍රසේන  ගමගේ
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි භවාණි රඝුනාත් මහත්මිය දණගැස්වී යැයි  චෝදනා ලැබූ ඌව පලාත් සභාවේ මහ ඇමැති චාමර සම්පත් දසනායකට විරෝධය පාමින් අද (24) පස්වරුවේ තංගල්ල නගරයේ දී විරෝධතාවයක් පැවැත්විණි. 
 
ලංකා ගුරු සේවා සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් ශාඛාව සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් රැසක ගුරුවරුන් රැසක් සම්බන්ධ වි සිටියහ.

විරෝධතාකරුවන් පැවසුවේ ඌව පළාත් මහ ඇමැතිට විරුද්ධව ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන අසාධාරණයට පත්වූ විදුහල්පතිනියට සාධාරණයක් කර දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි.
 

 



අදහස් (7)

ඌව මහ ඇමැතිට එරෙහිව තංගල්ලෙන් විරෝධය

darshana Wednesday, 24 January 2018 01:53 PM

ඌව මහ ඇමැති විසින් මාධ්‍යයකට කරපු සාකච්ඡාවකදී ඔහු විසින් අනාවරණය කරනවා.... තමුන් ඉගෙනගත්තේ දෙවන ශ්‍රේණියට පමණක් බවත් ඔහු වඩේ විකුණමින් අදායමක් උපයාගත් බවත්, නමුත් දැන් තට්ටු දහයක හෝටලයක් හදන බවත්, මෙවැනි පසුබිමක් ඇති කෙනෙක් රටක මහා ඇමති කෙනෙක් හෝ පළාත් අධ්‍යාපන ඇමැති කෙනෙක් විය හැකිද? අපි මෙවැනි වැරදි නිවැරදි කරගන්නේ කවද්ද?

:       0       406

කුමාර් (ගල්ෆ්)Thursday, 25 January 2018 07:27 AM

මේ අය පත්කරපු මහා උදවිය තමයි එලවන්න ඕනෑ...

:       0       13

hesa Wednesday, 24 January 2018 07:29 PM

පාසල් අධ්‍යාපනය ඉහලට නොලැබුනත්, සාධාරණය ,නීතිය, යුක්තිය, පිලිඹඳව භේද වලින් තොර හරිහැටි ක්‍රියාවේ යොදවනවා නම් එ් සුදුසුකම ම ඇති නේද

:       269       0

samalka Wednesday, 24 January 2018 07:55 PM

විදුහල්පතිනියට සහනයක්, වන්දියක් දෙන්න කියල කව්රුවත් ඉල්ලනවද?

:       0       35

sensa Thursday, 25 January 2018 03:10 AM

වඩේ කාරයෙක් මහ ඇමති වීම රටක හොද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. ඒත් මහඇමතියෙක් වඩේකාරයෙක් ලෙස හැසිරීම රටක අභාග්‍යක්. එබැවින් දැන්වත් මේ වගේ දේශපාලන තනතුරු වලට පත්කරන කොට උගත්කම අනිවාර්යය කරමු.

:       0       0

P.Thangarajah Thursday, 25 January 2018 05:20 AM

අපගේ ජීවිතයේ හරි මග පෙන්වන ගුරු බවතුන් වෙනුවෙන් සියලු ගුරු මණ්ඩලයම එක්වී හඬ නැගීම අගය කොට සලකමු. P.Thangarajah

:       0       7

kap Thursday, 25 January 2018 07:55 AM

එතකොට ඔය අල්ලස් කේස් දාගන්න විදුහල්පතිවරු, ප්‍රයිවට් ටියුෂන් කරන්න ඉස්කොලේ වැඩ අතපසු කරන ගුරුවරු, ළමයින්ගේ මානව හිමිකම් නැති කරන ගුරුවරු ගැන එහෙම උද්ඝෝෂන නැද්ද? ඒ අයට ඔය අස්වීමේ, ඉවත් කිරීමේ නීති බලපාන්නේ නැද්ද? මේ අය හරිම අසාධාරණ නූගත් මිනිස්සු. මහ ඇමති කරන වැඩේ අජූතයි. හැබැයි මේ අය ඊට වඩා අජූතයි. ඔක්කොමලාව අස් කරන්න ඕනෑ...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 50 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site