IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උඩින් ගිහින් වැලි ජාවාරම්කරැවන් අල්ලයි

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගුවනින් ගොස් ත්‍රිකුණාමලය මූතූර් සිත්තාර් පාලම අසල මහා පරිමාණ වැලි ඡාවාරමක් වටලා ටිපර් රථ 21ක්, බෝට්ටු 34ක් සමග සැකකරුවන් 56 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගුවනින් ගොස් මෙැවනි ආකාරයේ වැටලීමක් සිදුකරනු ලැබුවේ ඉතාහාසයේ ප්‍රථම වතාවට බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර මහතා පැවසිය.

මෙහිදී ටිපර් රථ 21 ක්, ට්‍රක් රථ 08ක්, ට්‍රැක්ටර් 13ක්, බෝට්ටු 34ක්, යතුරුපැදි 37ක් ජංගම දුරකතන 21 ක් ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.



අදහස් (7)

උඩින් ගිහින් වැලි ජාවාරම්කරැවන් අල්ලයි

MO77 Wednesday, 19 May 2021 11:14 AM

දේශපාලන හෙංචයියන්ගේ වැලි ජාවාරම්... මේවා බොරු සෝබන..

:       16       73

mihira Wednesday, 19 May 2021 12:15 PM

මේවා බොරු සෝබන.. නාට්‍ය විතරයි.

:       13       63

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 19 May 2021 12:25 PM

මේ රටේ හරියට නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් මේ තරම් මහන්සියක් ගන්න ඕනෙ නෑනේ... මහ උදවිය පැත්තට යද්දි පොඩි එවුන් කෙලින් යයියෑ...

:       10       61

sugath Wednesday, 19 May 2021 01:18 PM

අද බොහෝ දෙනා වැලි ගොඩ දැමීම කරන්නේ තම ජීවිකාව ලෙසයි. මෙය නීතිවිරෝධි නම් මෙවැනි අය අත්අඩංගුවට ගත්තාට කමක් නැහැ. නමුත්, ඉන්පසුව කළ යුත්තේ ඒ අයට ඔවුන්ගේ ජීවිකාව සඳහා වෙන රැකියාවක් සොයාදීමයි.

:       14       42

sampath Wednesday, 19 May 2021 02:29 PM

වැලි තොටුපළවල් අයිතිකාරයෝ ටිපර් අරන්, බෝට්ටු තියන්, මන්දිර හදන් හිටියට වතුරේ ගිලෙන මිනිස්සුන්ට එදා වේල කන්න නැහැ.. අනෙක් පැත්තෙන් වැලි කාලක් ගන්න මාසෙ පඩිය ඕනේ... ගෙයක්, දොරක් හදන මනුස්සයෙකුට ජාවාරමට තිත තැබිය යුතුමයි. නමුත් පහුගිය කාලෙත් ඔය වැඩේ කළා හරි ගියේ නැහැ.

:       0       0

chaminda Wednesday, 19 May 2021 08:29 PM

ජාතික ධනය කනවා බොරු සෝබන වලට...

:       0       0

Nihal Thursday, 20 May 2021 05:21 AM

හැමදාම අහු වෙන්නේ පහළම මට්ටමේ හොරා විතරයි. මෙහෙමත් නාඩගම්... මේවාගෙන් වෙන්නේ විරෝදාර රණවිරුවන් හෑල්ලුවට ලක් වෙන එකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 490 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site