IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇකිරිය උඩඇළ විහාර මැදුර විනාශ මුඛයේ

 

(නිශාන්ත කුමාර)

ලුණූගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  පෞරාණීක වටිනාකමකින් යුත් ඇකිරිය උඩ ඇළ විහාර මන්දිරයේ ගොඩනැගිල්ල හා එහි ඇති ඉපැරණි බිතු සිතුවම් විනාශ වෙමින්  පවතී.

වසර සිය ගණනක් පැරණී මෙම සිද්ධස්ථානය  ඒදා මෙදා තුර දශක ගණනාවක් තිස්සේ නිසි නඩත්තුවකට ලක් නොවීම මීට හේතුවයි.

මේ වන විට මෙම ස්ථානයේ  තිබූ විහාරස්ථානය ද වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇත. 

සිංහල උලූ සෙවිලි කර ඉපැරණී ගෘහ නිර්මාණයට අනුව ඉදිකර ඇති මෙම විහාර මන්දිරය තුළ සුවිසල් බදු  පිළීම කීපයක් මෙන්ම තවත් මූර්ති , පිළිම වහන්සේලා මෙන්ම බිතු සිතුවම් රැසක් දැක ගන්නට ඇති අතර මේ වන විට ඒ සියල්ලම කැඩී බිදී විනාශ වෙමින් පවතින අයුරු දක්නට ලැබේ.

මෙහි පියස්ස, උළුවස්ස, මෙන්ම ගොඩනැගිල්ලේ සෙසු කොටස් ද ඉදිකර ඇත්තේ ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වන අතර මේ වන විට සියල්ල දිරාපත්ව විනාශ වෙමින් පවතී. මෙහි බිතු සිතුවම් සදහා යොදා ගෙන ඇති වර්ණ සංකලන අදටත් ඒලෙසම වෙනස් නොවී පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලුණුගල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු වන චන්දන සමන් කුමාර මහතා මෙසේ කීය.

ඇකිරිය උඩ ඇල විහාරය කියන්නේ වසර සිය ගණන් පැරණී පෞරාණීක පින් බිමක්. මේ තරම් වටිනා විහාර මන්දිරයක් මෙන්ම එහි පිහිටි සිතුවම් හා පිළීම වහන්සේලා මේ අයුරින් විනාශ වීම කණගාටුවට කරුණක්. නමුත්  මේ වන තුරුත් කිසිවෙකුත් මෙය සංරක්ෂණය කිරීමට හෝ විනාශයට පත් පිළීම හා සිතුවම් වෙනත් ස්ථානයකට ගෙන ගොස් ආරක්ෂා කිරීමටද පියවර ගෙන නැහැ.

අවුරුදු සිය ගණනක් ගතවෙලත් වැස්සට අව්වට හසුවෙලා  මේ පිළිමවල තියෙන වර්ණවත් වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ මේ තැන කොච්චර වටිනවද කියන ඒක නෙවෙයිද ? මේක කොතරම් වටිනව උනත් ගොවි තැනින් ජීවත්වන ඇකිරිය ගමේ ජනතාවට  මේක ආරක්ෂා කරගන්නට පියස්සක්වත් ඉදිකරගන්නට වත්කමක්න නැහැ.

 

 

 

 

 



අදහස් (6)

ඇකිරිය උඩඇළ විහාර මැදුර විනාශ මුඛයේ

siri Monday, 22 February 2021 10:13 AM

හන්දි හන්දි ගානේ දැවැන්ත කුළුණු හදනවට වැඩිය ඒ සල්ලි වලින් මේ වගේ තැන් අලුත්වැඩියා කලොත් නරකද?

:       1       29

Perera Monday, 22 February 2021 10:43 PM

මැටි බඩුවලටයි , බතික් රෙදිවලටයි, සීනි වලටයි... ඇමැතිලා හැටියට රටේ පෞරාණික වටිනාකම් ඇති මෙවැනි දේවල් සුරැකීමේ කටයුතු බලාගන්න ඇමැති කෙනෙක් නැද්ද?

:       0       5

මෝ Monday, 22 February 2021 11:55 PM

බුද්ධ ශාසන අමාත්‍යාංශයක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක්, මේවාට සම්බන්ධ ඇමතිවරුන් ඉන්නවා නේද? ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳර මේ ගමට දාගන්න බලන්න. හෙටම පටං ගන්නවා කියයි ඒකට එන අයියලා...

:       0       5

UpulaTuesday, 23 February 2021 09:07 AM

කරපු දේවල් වල ප්‍රථිපල තමයි ඔය දැන් ඉතුරු වෙලා තියෙන්නේ.. පාලම් බෝක්කුවල කලින් කරන්න ඕනෑදේවල් ඕනෑතරම් රටේ ගම් ඇතුලේ තියෙනවා මහත්මයා. හැබයි ඒවා වෙන්නේ නෑ. මොකද දේශපාළුවන්ට එහෙම දේවල් වලට ඕනෑකමක් නැති නිසා..

:       0       2

බද්රානි Tuesday, 23 February 2021 01:31 PM

පුදුමයි! ඒ පෞරාණික විහාරස්ථානයට හෝටලයක නමක් තවම යොදලා නැද්ද? ඩෝසරයක් එන්න තරම් පාර ලොකු මදිද? අනිත් එක ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාට ඔය පෞරාණික පන්සල් අලුත්වැඩියා කරන්න කාලය නහස්ති කරන වෙලාවේ, අලුත්ම වාහනයක් ගැන කිසියම් වැඩපිළිවෙලක් කරන එක නේද වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ? හා නැද්ද?

:       2       1

sharm warn Wednesday, 24 February 2021 09:17 AM

මෙතන මොකක්හරි ආර්ථික වාසියක් තියෙන තැනක් වුණා නම් මෙලහකටත් මුල් ගල් 3-4ක් පැළකරලා... මේක සංරක්ෂණය කරන්න ඕනෑ ගමේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලින් නම් රජයක්, ඇමැතිවරුන්, මන්ත්‍රියන් ඉන්නේ මුරගල් වලට තියන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18064 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 13713 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10820 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 461 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 138 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site