( වසන්ත චන්ද්‍රපාල)
අරන්තලාව භික්ෂු ඝාතනයට වසර 32 ක් ගතවිම නිමිත්තෙන් අරන්තලාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි විශේෂ පිංකම් මාලාවක් පැවැත්විණි.
සියක් නමක් මහා සංඝරත්නය අරන්තලාව හෑගොඩ ඉන්ද්‍රසාර පිළිරැව අසලින් පිණ්ඩපාත චාරිකාව ආරම්භ කරනු ලැබූහ.
ඉන් අනතුරුව මහා සඝරුවන සහ ආරාධිත අමුත්තන් විසින් හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා එහිදි අධිෂ්ඨාන පුජාවක් පවත්වනු ලැබු අතර මෙම ස්ථානයට වැඩම කලළ ජපන් ජාතික අසාමි හිමියන් විසින් රබාන ගසමින් විශේෂ පුජාවක් සිදුකරනු ලැබූහ.
දිගාමඩුල්ල පාර්ලිමේන්තු විමලවිර දිසානයාක , අම්පාර දිසාපති ඩි.එම්.එල්.බණ්ඩාරනායක, අම්පාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න, පොලිස් විශේෂ කාර්ය බලකායේ කලාප අණදෙන නිළධාරි අතුල රත්නායක අම්පාර වැඩ බලන පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.





2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරන්තලාවේදී ඝාතනය කෙරුණු භික්ෂූන්ට පිං පමුණුවති
sam Sunday, 02 June 2019 06:34 AM
කොටින්ගේ මිලේච්ඡ ඝාතනයට ලක්වූ අහිංසක බුද්ධ පුත්‍රයින්ට සාමාන්‍ය වැසියන්ට නිවන් සුව අත්වේවා...!!
AsankaSunday, 02 June 2019 02:23 PM
ඒ වගේම මුසල්මානු ත්‍රස්තවාදීන් අතින් බුරුමය, මියන්මාරය වැනි සහෝදර රටවල බුද්ධ පුත්‍රයින් ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ලෙස අපේ රටේ නම් කෙදිනකත් නොම වේවා කියාත් පතමු..
Raveendra Monday, 03 June 2019 02:47 AM
අරන්තලාවේ එලෙස අවාසනාවන්ත ලෙස අපවත්වූ බික්සුන් වහන්සේලාට මෙන්ම එලස මියගිය සාමාන්‍ය වැසියන්ට සහ අප්‍රේල් 21 වන දින නොසිතු මොහොතක ජීවිතවලින් සමුගත් සියලුම කිතුනු බැතිමතුන් ඇතුල් සියලුම අහිංසක මිනිසුන්ට නිවන්සුව අත්වේවා !!!
janahitha Monday, 03 June 2019 04:00 AM
ඒ වගේම බුද්ධ පුත්‍රයින්අතින් බුරුමය, මියන්මාරය වැනි සහෝදර රටවල මුසල්මානු ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ලෙස අපේ රටේ නම් කෙදිනකත් නොම වේවා කියාත් පතමු..
ඉදුනිල් ප්‍රියන්ත Monday, 03 June 2019 10:42 AM
අරන්තලා ඝාතක පොහොට්ටු දේශප්‍රේමි කරුණා අම්මාන් මැතිතුමා සිහිපත් වෙනවා. විලිලැජ්ජාවේ බැරුවා...