(යොහාන් භාසුර)
‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස’ ගෞරව නාම සහිත දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතපත්තුකන්දේ ආනන්ද නාහිමියන් වෙත එම පදවිය සඳහා වන ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (20) පස්වරුවේ සිදුකෙරිණි.
අතපත්තුකන්දේ ආනන්ද හිමියන් ඉටු කරන ශාසනික, ආගමික සහ සමාජයීය මෙහෙවර අගයමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක සහ අනුනායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව උන්වහන්සේ වෙත ගෞරව නාම සහිත අභිනව නායක පදවිය පිරිනැමූහ.
සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අද (20) පස්වරුවේ පැවැත්විණි.
මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතපත්තුකන්දේ ආනන්ද නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීය.
pආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනු නා හිමියෝ මෙම උළෙලේ මුලසුන හෙබවූහ. මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නා හිමියෝ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී දෙසුම් පැවැත්වූහ.
අතපත්තුකන්දේ ආනන්ද නාහිමියන්ගේ චරිතාපදානය අලළා රචිත උපහාර ග්‍රන්ථය සහ උන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් කර සම්පාදිත ග්‍රන්ථ කිහිපයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා 58 වසරක් මහඟු මෙහෙවරක් ඉටු කරන අතපත්තුකන්දේ ආනන්ද හිමියෝ කොළඹ 06, හැව්ලොක් සිටි සාම විහාරය, හක්මණ බේරුවේවෙල ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරය, හක්මණ ඇල්ලේවෙල ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය, හක්මණ දෙනගම ශ්‍රී මුණසිංහාරාම විහාරය යන සිව් මහා විහාරස්ථානයන්හි අධිපතීත්වය දරති. ප්‍රසිද්ධ ධර්ම කථිකයාණන් වහන්සේ නමක් ද වන උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයෙක් ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කර විශ්‍රාම ලබා සිටිති.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමතිවරු, තානාපතිවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, දායක සභාව සහ නාහිමියන්ගේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අතපත්තුකන්දේ නාහිමියනට සන්නස් පත්‍රය පිළිගන්වයි