IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අක්කර දෙක හමාරක කුඹුර කිරිගවයන්ට දනට දෙයි

(කාංචන කුමාර ආරියදාස)

ගොවි පරපුරට පින් අනුමෝදන් කිරීම සඳහා කිරිවදින අක්කර දෙකහමාරක සාර්ථක වී වගාවක්  කිරි ගවයන්ට දන්දීමේ අපූරු පුවතක් ගලේවෙල දේවහුව කොස්ගගහින්න ප්‍රදේශයෙන් අද දින වාර්තා විය.

ගලේවෙල නගරයේ ව්‍යාපාරිකයෙක් වූ සනත් බණ්ඩාර මහතා ඇතුළු ගමේ ගොවි මහතුන් එක්ව ඒ මහතාගේ අක්කර දෙකහමාරක් වූ කුඹුරු වගාකොට ඇත්තේ කිරි එළ එළදෙනුන්ට දානය පිණිස වීම විශේෂත්වයකි.

ඒ අනුව උදෑසන මහා සංඝරත්නය එම ස්ථානයට වඩමවා මියගිය සමස්ත ගොවීන්ට කුඹුරු අස්වැද්දු අතීත මුතුන් මිත්තන්ට මාපියවරුන්ට අනුමෝදන් කරමින් ප්‍රදේශයේ සිටින කිරි දෙනුන් එම ස්ථානයට ගෙන්වා කුඹුර සත්ව දානයක් ලෙස ලබාදීමට පිරිස කටයුතු කළහ.

මුලින්ම භික්ෂූන් වහන්සේ කුඹුරට බැස පළමු අස්වැන්න නෙලා එම ස්ථානයේ රැගෙන විත් සිටි කිරි දෙනෙකුට කන්නට සැලැස්වීම සිදුකළහ.පසුව පිරිස් එම ස්ථානයට ගෙනැවිත් සිටි කිරි හරකුන්ට අක්කර දෙකහමාරක ඉතා සාර්ථක කුඹුර ආහාර සඳහා වෙන් කිරීම් සිදු කළහ.

 



අදහස් (21)

අක්කර දෙක හමාරක කුඹුර කිරිගවයන්ට දනට දෙයි

Samaraweera Thursday, 10 March 2022 11:30 AM

පිස්සෙක්

:       0       0

සෙනවි Thursday, 10 March 2022 01:27 PM

ඉන්දියාවේ මිනිස්සු හරරකාට ගව්රවයක් වශයෙන් උගේ මුත්‍ර බොනව.එවගේම මුත්‍රවලින් මුහුණු දොවා ගන්නව. මේ යනවිදිහට ඉදිරියේදි ලංකාවෙත් එහෙම වේවි.

:       0       0

දෝන ආරච්චි Thursday, 10 March 2022 04:30 PM

මේ දානය ලෑස්ති කරපු අය තමයි නියම ගවයින්... රටේ මිනිස්සුන්ට කන්න නෑ.

:       30       10

පිටිගල මිලානෝ Thursday, 10 March 2022 05:47 PM

මේ වගේ මී ගවයින් සිටින කල් රටක් දියුනු වෙයිද? වී ටික හරක්ට දීලා දැන් ඉතින් දරු පවුලම වල් කාලා පුන්නක්කු බොන්න.

:       0       0

Samantha Thursday, 10 March 2022 06:00 PM

සමස්‌ත ගොවි පරපුරට ආඩම්බරයක්, ගෞරවයක් ඔබ කලේ "සමහරක්" රටට බත සපයන කෙතට ගිනිතබන කොට මෙවන් උතුම් මිනිසුන් සියලු සතහට සෙත පිණිස දානයක් දීම කෙතරම් අගනේද?

:       7       3

බද්රානි Thursday, 10 March 2022 09:32 PM

ගවයන්ට කන්න දෙන්න තණකොළ තිබුනේම නැද්ද? සමහරවිට සරුවට වැවුණු බොල් වී වෙන්න පුළුවන්... කොහොමත් ඉතින් බත්කන හරක් වැඩිපුර ඉන්න රටේ සරුවට වැවුණු වී ටිකක් ගවයින්ට කන්න දුන්නාම ඒකේ වැරැද්දකුත් නැහැ. අනික ඉතින් දෙගොල්ලන් අතර මහා ලොකු වෙනසකුත් නැහැනේ...

:       17       12

සෙනෙවිරත්න Friday, 11 March 2022 01:00 AM

මේවා පිං වැඩ නෙවෙයි. මෝඩකම්...!

:       21       15

yasantha Friday, 11 March 2022 06:32 AM

අන්ධ භක්තියෙන් ඕවා කරන්න එපා. කන්න නැති මිනිස්සු සෑහෙන්න ඉන්නවා. හරක් කන්නේ තණකොළ, පුන්නක්කු...

:       18       16

amila Friday, 11 March 2022 08:59 AM

‘‘චේතනා හං භික්ඛවේ කම්මං වදාමි..‘‘ ගොයම අසාරථක වූ නිසා හරකුන්ට කෑමට දුන්නා. මේකයි ඇත්ත...

:       4       10

Dasa P Friday, 11 March 2022 09:17 AM

යකාගේ හැටියටලු විමානේ... බුදුන්ගේ කාලේවත් මෙහෙම පින්කම් තියෙන්න නැතිව ඇති.. කුඹුර හරකට දීලා හාල් ටික බුරුමෙන් ගෙන්නමු..

:       22       21

gamaathih Friday, 11 March 2022 09:33 AM

මේ මහත්මයාගේ සත්ක්‍රියාව මුළු රටටම ආදර්ශයක්..!

:       16       12

සමන් කුමාර Friday, 11 March 2022 12:20 PM

මේ පිංවත් මහත්මයා අසරණ ගවයන් උදෙසා දායානුකම්පාවෙන් දෙන ලද මෙම දානය ඉතා සතුටු සිතින් අනුමෝදන් වෙමි ! අනුමෝදන් වෙමි !! අනුමෝදන් වෙමි!!!

:       9       44

jayasekaraFriday, 11 March 2022 03:09 PM

ඔබ ලියපු ප්‍රතිචාරය ගැන ගොඩක් ආඩම්බරයි... අනුන් කරපු පිනක් දැක සැදැහැ සිතින් අනුමෝදම වෙන්න බැරි රැඩිකල්වාදී... කුහකයින් පිරිසක් ඉන්න එක ගැන කණගාටුයි. මනුසතාට පමණක් නොවෙයි. අනෙකුත් තිරිසන් සතුන්ටත් දයාව, අනුකම්පාව, මෛත්‍රිය පතුරුවන්න කියලා තමයි මම දන්න විදිහට බුද්ධ දේශනාවේ තියෙන්නේ...!

:       5       21

Pradeep KumaraSaturday, 12 March 2022 08:35 AM

කතා දෙකක් නෑ. තිරිසන් සතෙකුට කන්න දෙන එකත් පින්කමක් තමයි. නමුත් මේ වගේ සහල් අර්බුදයක් තියන වෙලාවක මෙවැනි දෙයක් කිරීම නොකළ යුතුයි කියලායි මගේ හැඟීම. මොකද ගවයින්ට කන්න දෙන්න මිනිසුන් නොකන දේවල් ඕනෑතරම් තියනවනේ...!

:       0       3

lakvidu Friday, 11 March 2022 01:11 PM

අතුරුපසට අර පොල්පැළ ටිකත් කන්න දුන්නා නම් දානෙ සම්පූර්ණයි.

:       21       9

saman Friday, 11 March 2022 01:21 PM

පහුගිය දවස්වල මේකෙ ඇදපු අර කන්න නැති සෙට් එකට දුන්නා නම් මීට වඩා පිනක්...

:       5       3

sharm warn Friday, 11 March 2022 01:33 PM

පොහොට්ටුවට ඡන්දෙ දුන්න අයට දුන්නත් මේ පිනම ලැබෙයි. එතකොට ඒ අය පුන්නක්කු කන එක ටිකකට පැත්තක තියලා බත්කටක් කයි. මේ ඇත්තටම බෞද්ධ දර්ශනයද?

:       13       7

kamal Friday, 11 March 2022 01:43 PM

හොඳයි, හොඳයි... කොහොම වුණත් අපේම අයටනේ ගොයම කවලා තියෙන්නේ...

:       4       7

Amara Friday, 11 March 2022 04:13 PM

ඔය වගේම වැඩක් තමා 2019 රටම කළේ...

:       12       6

[email protected] Saturday, 12 March 2022 01:30 AM

නාඩගම්කාරයෝ එකේ ලොකුහාමුදුරුවෝ මෙතන සිටියානම් මේ විනාශය නතර කරගන්න තිබුනා. මෙයට සහාභාගි උන සියලු දෙන බත් කන හරක්.

:       0       0

gamini Sunday, 13 March 2022 09:51 AM

මේ මොන ධර්මයකට අනුවද? මෙය කාලයට ගැලපෙනවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site