IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


2022 ගිනි තැබූ ඇමති ගෙවල් 2023 මිලට තක්සේරු කරලා

  • කැබිනට් තීරණයකින් තක්සේරු දිනය වෙනස් කළ නිසා වන්දිය වැඩි වෙලා 

උපුල් වික්‍රමසිංහ
අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මැති ඇමතිවරුන්ගේ නිවාස තක්සේරු කිරීමේදී 2022මැයි 9 වැනි දිනය වෙනුවට 2023 වසරේ  දිනයක් අදාළ දිනය (Relevant Date) ලෙස සලකමින් එම නිවාස යළි තක්සේරු කළ යුතු බවට පසුගිය ආණ්ඩුවෙන් ගත් අමාත්‍ය මණ්ඩල තීරණය හේතුවෙන් විශාල මුදලක් වන්දි ලෙස මැති ඇමතිවරුන්ට ගෙවීමට සිදු වූ බව ඉරිදා ලංකාදීපයට වාර්තා වෙයි. 

එම නිවාස ගිනි තැබීමට ලක් වූ 2022 මැයි මස 9 වැනි දින අදාළ දිනය ලෙස ගනිමින් තක්සේරු නිලධාරීන් ඒ ස්ථානවලට ගොස් තක්සේරු කටයුතු සිදු කර ගෙවිය යුතු වන්දි මුදල් තීරණය කරමින් අවසන් වාර්තාව නිකුත් කළ ද එම මුදල් ප්‍රමාණවත් නොවන බවට ගිනි ගත් නිවාස හිමි මැති ඇමතිවරුන් දිගින් දිගටම මත පළ කළ හෙයින් මෙ​ෙස් අදාළ දිනය වෙනස් කරමින් අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබේ. 
අදාළ තක්සේරුකරණය ගැන සාකච්ඡා කිරීමට තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවන ලද අවස්ථාවේ හිටපු එක් ඇමතිවරයෙකු එම වන්දි මුදල් කිසි ලෙසකත් ප්‍රමාණවත් නොවන බවට දැඩිව ප්‍රකාශ කර තිබූ බව ද තතු දත් ආරංචි මාර්ග ඉරිදා ලංකාදීපයට අනාවරණය කළේ ය.
උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 ට සාපේක්ෂව2023 වසරේ මැද භාගය වනවිට ඉදිකිරීම් වියදම් හා උද්ධමනය ඉහළ ගොස් තිබූ අතර ඩොලරයේ රුපියල් අගය ද ශීඝ්‍ර ලෙස වැඩි වී තිබිණ. එම වැඩි වූ මිල ගණන් මත දෙවැනි වරට තක්සේරු කටයුතු කිරීමට සිදුවී තිබුණෙන් ඇතැම් ගිනි ගත් නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 900 පවා ඉක්ම වන මුදලක් වන්දි ලෙස ගෙවා තිබිණි.
පළමු තක්සේරුකරණයේදී ඒ ඒ නිවාස වෙනුවෙන් අනුමත කළ වන්දි මුදල් පදනම් කරගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ ලබා දී ඇති අතර දෙවැනි තක්සේරුකරණයේ දී එම නිර්දේශ මත පදනම්ව තක්සේරුකරණ කටයුතු සිදු කර ඇති බැවින් එය ද වන්දි මුදල් ඉහළ යෑමට හේතුවක් බව දැනගන්නට ඇත. 
අප මේ සම්බන්ධයෙන් හිටපු තක්සේරු නිලධාරියකුගෙන් කළ විමසුමක දී හෙතෙම පැවසුවේ තක්සේරු නිලධාරීන් කිසිවකුගේ බලපෑමකට යටත් නොවී තක්සේරු මූලධර්මවලට අනුකූලව එම කටයුතු සිදු කළ ද අදාළ දිනය වෙනස් කරමින් ගත් අමාත්‍ය මණ්ඩල තීරණය හේතුවෙන් වැඩි වන්දි මුදලක් ගිනි තබන ලද නිවාස වෙනුවෙන් ගෙවීමට සිදු වූ බවය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය 6 වැනිදා ලේඛනයක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හිටපු මැති ඇමතිවරුන් 43 දෙනකු ව්‍යාජ තක්සේරු වාර්තා ඉදිරිපත් කර රුපියල් බිලියන 1.2 ක මුදලක් වන්දි ලෙස මහ භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇති බවය.
ඒ අතරින් වැඩිම වන්දි මුදලක් ලබා ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බව කී අමාත්‍යවරයා එම මුදල රුපියල් මිලියන 95.9 ක් බව ද පැවසීය. 
ඊට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් මිලියන 93.4 ක් ද ගාමිණී ලොකුගේ රුපියල් මිලියන74.9 ක් ද අලි සබ්‍රි රහීම් රුපියල් මිලියන 70.9 ක් ද ප්‍රසන්න රණතුංග රුපියල් මිලියන 56.1 ක් ද වශයෙන් ගිනි ගත් නිවාස වෙනුවෙන් වන්දි මුදල් ලබා ගෙන තිබූ බව අමාත්‍යවරයා හෙළි කළේ ය.

 



අදහස් (0)

2022 ගිනි තැබූ ඇමති ගෙවල් 2023 මිලට තක්සේරු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site