අජන්ත කුමාර අගලකඩ
ඉකුත් 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා කාලයේදී ඉන්ධන ණයට දීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් කෝටි 23,416ක් පමණ වන බව එම සංස්ථා වාර්තාවලින් අනාවරණය වේ.
ඉන් වැඩිම මුදලක් අය විය යුතුව ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වන අතර, එම මුදල රුපියල් කෝටි 9,781ක් පමණ වන බවද එම වාර්තා පෙන්වා දෙයි.
විදුලිබල මණ්ඩලය ඇතුළු රජයේ හා පෞද්ගලික විදුලි බලාගාරවලින් අය විය යුතු සමස්ත මුදල රුපියල් කෝටි 12,807ක් වන අතර ලංකා විදුලිබල මණ්ඩලයෙන් පමණක් රුපියල් කෝටි 8,608ක් පමණ අය විය යුතුව ඇතැයි දැනගන්නට ඇත.
වෙස්ට් කෝස්ට් සමාගමෙන් රුපියල් කෝටි 499 ක් ද ඒසියා පවර් සමාගමෙන් රුපියල් කෝටි 23ක් ද නොදර්න් පවර් සමාගමෙන් රුපියල් කෝටි 4 ක් පමණ ද අය විය යුතුව ඇතැයි සඳහන් වේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 326ක් ද, මගනැගුමෙන් රුපියල් කෝටි 9ක් ද, ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් කෝටි 47ක් පමණ ද අය විය යුතුව ඇතැයි පෙන්වා දෙයි.
මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රුපියල් කෝටි 227ක්, යුද හමුදාවෙන් රුපියල් කෝටි 70ක්, ගුවන් හමුදාවෙන් රුපියල් කෝටි 43ක්, පොලිසියෙන් රුපියල් කෝටි 6ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් අය විය යුතුව ඇත.
මීට අමතරව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිත ආයතන වලින් සහ වෙනත් ආයතන වලින් රුපියල් කෝටි 93 ක පමණ මුදලක් ලැබිය යුතුව ඇත.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් සංස්ථාවට කෝටි විසිතුන්දාහක පොල්ලක්