IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උපත් අඩු වේ වැඩිහිටියන් වැඩි වෙයි

 

  • 2037 දී වැඩිහිටියන් ලක්ෂ 51 ක් 
  • 2013 දී වසරකට උපත් ලක්ෂ තුන හමාරයි 
  • 2023 දී වසරකට උපත් ලක්ෂ දෙක හමාරයි 
  • 2050 වෙද්දී ජනගහනය මිලියන 25 ක් 

උපුල් වික්‍රමසිංහ
කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ විවාහ වීම් හා දරුවන් හැදීම කල්දැමීම නිසා මුළු සඵලතා අනුපාතය (බිහි කරන දරුවන් ප්‍රමාණය) කැපී පෙනෙන අඩු වීමක් පෙන්නුම් කරන බව ද එය මෙරට වැඩිහිටි ජනගහනය වර්ධනයට හේතුවක් වෙන බව ද 2012 දී ලක්ෂ 25 ක් වූ වැඩිහිටි ජනහගනය 2037 වෙනවිට ලක්ෂ 51 දක්වා සියයට 103 කින් වැඩි විය හැකි බව ද ප්‍රජා විද්‍යා විශේෂඥයෝ පෙන්වා දෙති.
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ඉරිදා ලංකාදීපයට පැවසුවේ උපත් අනුපාතිකය පහළ යෑම මගින් වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය ඉදිරි වසර 12 ක කාලයේදී සියයට 103 කින් වැඩිවීමෙන් රටේ ශ්‍රම බළකායට දැඩි බලපෑමක් විය හැකි අතර වැඩිහිටි ප්‍රජාව අතර සුලභ බෝ නොවෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට රජයට අතිවිශාල වැයක් දැරීමට ද සිදු වෙන බවය.
“කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය උපත් ප්‍රමාණය අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපෑවා. ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ අය විවාහ වීම කල්දැමීමටත් විවාහ වූ අය දෙවැනි තෙවැනි දරුවන් හැදීම කල්දැමීමටත් කටයුතු කළා. ආර්ථික අර්බුදයෙන් අපි තවම සම්පූර්ණයෙන්ම මිදිලා නැති නිසා මෙහි බලපෑම පැවතිය හැකියි. මේ තත්ත්වය තාවකාලිකයි. 2025 සිට 2027 දක්වා උපත් අනුපාතිකයෙහි ඉහළ යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බව මගේ පුරෝකථනයයි. 2026 වෙද්දි ලියාපදිංචි උපත් සංඛ්‍යාව තුන් ලක්ෂ ගණනක් දක්වා වැඩි වෙනවා. ඒත් 2027 වෙද්දි ඒ ප්‍රමාණය නැවත 285,000 දක්වා අඩු වෙනවා” මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2013 වසරේ සිට 2023 දක්වා ගත වූ වසර දහයක කාලයේදී ලියාපදිංචි උපත් ප්‍රමාණය 117,862 දක්වා අඩු වී ඇත. ඒ අනුව, 2013 දී 365,762 ක් වශයෙන් වාර්තා වූ ලියාපදිංචි උපත් ප්‍රමාණය 2023 දී 247,900 දක්වා අඩු වී තිබේ. එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2019 දී ලියාපදිංචි උපත් ප්‍රමාණය 319,010 ක් ලෙස ද 2020 දී 301,706 ක් ලෙස ද 2021 දී 284,848 ක් ලෙස ද 2022 දී 275,321 ක් ලෙස ද ලියාපදිංචි උපත් ප්‍රමාණය දැක්වේ. ශ්‍රී ලංකාවට දැරිය හැකි ජනගහනය මිලියන 25 ක් බව සිය පුරෝකථනය බව ද 2050 දී පමණ ජනගහනය එම සීමාවට ළඟා වෙනු ඇති බව ද ඉන්පසු ජනගහනය නැවත අඩු වීම ආරම්භ වෙනු ඇති බව ද දිසානායක අනාවරණය කළේ ය.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ උපත්වල අඩුවීමක් පෙන්නුම් කරන බවත් කාසල් ඇතුළු රෝහල්වල උපත් අඩුවෙන් සිදු වෙන බවත් ගර්භිණී මාතාවන් සායනවලට පැමිණීම අඩුවීමෙන් ද උපත් අනුපාතිකය පහළ ගොස් ඇති බව පෙනී යන බවත් ය.
වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක ස්වයං රැකියා වැඩසටහන්වලට කාර්යාලයෙන් ආධාර ලබා දෙන බවත් ඉදිරියේ දී එය විධිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ය.

 



අදහස් (0)

උපත් අඩු වේ වැඩිහිටියන් වැඩි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site