නව ඉන්දීය මහ කොමසාරිස් විඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර බාරදෙයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, දෙරට අතර මිත්‍රශීලී සහ විවිධ ක්ෂේත්රවල සබඳතා සඳහා ලබාදෙන වැදගත්කම මෙන්ම පොදු අභියෝගවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියාව කැප වී සිටින බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (14) ප්‍රකාශ කළේය. 14 May 2020
ස්වයං නිරෝධායන නීති කඩ කළාට 10,000 ක් දඩ ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කළ පුද්ගලයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (14) රුපියල් 10,000 දඩයක් නියම කළාය. 14 May 2020
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි. 14 May 2020
රුපියල් 5000 දීමනාව ගැන පූජාපිටිය ප්‍රා.ස.මන්ත්‍රීවරුන්ගෙන් නිලධාරින්ට චෝදනා රජයේ ඇතැම් ග්‍රාමීය මට්ටමේ නිළධාරින්ගේ අඩුපාඩුකම් හේතුවෙන් පූජාපිටිය කොට්ඨාසයේ රුපියල් පන් දහසේ සහන දීමනාව ලැබිය යුතු විශාල පරිසකට නොලැබී සහ නොලැබිය යුතු පිරිසකට ලැබීද ඇති බව පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරති. 14 May 2020
මාලදිවයිනේ සිරව සිටි 304 ක් රැගෙන එති කොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද 14 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය. 14 May 2020
කොරෝනා රෝගීහු 63 ක් සුවය ලබා ගෙදර යති කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහලවල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 63දෙනකු සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 14 May 2020
මිලියන 4 කට වැඩි පිරිසකට කොරෝනා කොරෝනා වයිරසය මේ වන විට ලොව පුරා මිලියන 4.35කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර 297 000 ක පමණ පිරිසක් මියගොස් ඇත. වයිරසයෙන් සුවවූ සංඛ්‍යාව මිලියන 1.55ක් වේ. 14 May 2020
මංගලත් සී.අයි.ඩී.යට කැඳවයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. 14 May 2020
ඉදිරි සති දෙක තීරණාත්මකයි : වගකීමෙන් හැසිරෙන්නැයි හමුදාපති කියයි ඉදිරි සති දෙක තුළ ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් කෝවිඞ් වසංගතය ශි‍්‍ර ලංකාවේන් සදහටම තුරන් කළ හැකි බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 14 May 2020
මාලදිවයිනේ සිටින ලාංකිකයින් පිරිසක් රැගෙන එන්න යානයක් පිටත් වෙයි කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද(14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය . 14 May 2020
කොරෝනා ආසාදිතයින් 915 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 14 May 2020
බෙලිඅත්ත දුම්රියපොළට පැමිණි සියලු දෙනාට දුම්රියෙන් යාමට අවසර බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය. 14 May 2020
කොරෝනා ආසාදිතයන් 893 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 893 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 13 May 2020
රාජිත රිමාන්ඩ් රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. 13 May 2020
චීනයේ නගරයකට අගුළු දමයි කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේනගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු අද (13) පියවර ගත්හ. 13 May 2020
කුරුණෑගල රෝහලේ විරෝධතාව විසඳුමකින් තොරව අවසන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එම රෝහලේම කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව අද දියත් කළ විරෝධතාවය පස්වරුවේදී විසඳුමකින් තොරව අවසන් විය. 13 May 2020
එමිරේට්ස් යානා 21 වැනිදා සිට යළිත් උඩු ගුවනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘එමිරේට්ස්’ ගුවන් සේවය මැයි 21 වැනිදා සිට ලොවපුරා නගර නවයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 13 May 2020
කොටස් වෙළෙදපොල සැළකියයුතු වර්ධනයක් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දමා තිබී සඳුඳා (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. 13 May 2020
බස්නාහිර සිර වී සිටි 2,000ක් ගෙදර යවති බස්නාහිර පළාත තුළ සිරවී සිටි තවත් පුද්ගලයින් 2,000 දෙනෙකු ඔවුන්ගේ ගම් බිම් බලා පිටත් කර හැරීමේ පස්වැනි අදියර අද (13) ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය 13 May 2020
නාවික හමුදාවේ 439 දෙනකුට කොරෝනා නාවික හමුදාවේ සාමාජිකයින් 439 දෙනෙකු මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 13 May 2020
ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කරයි. 13 May 2020
ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩුවෙයි අද පස්වරුවේදී සොයා ගන්නා ලද නව ආසාදිතයන් දෙදෙනා සමගින් කොවිඩ් 19 වයිරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 891 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් අද දිනයේදී රෝගීන් 16 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 500 දක්වා අඩුවී තිබේ. 13 May 2020
නිකවැරටියේ වසා දැමුණු හෝටල් යළි අරී ඇඳිරි නීතියෙන් පසුව 11 දා විවෘත කෙරුණ ,නිකවැරටියේ හෝටල් ව්‍යාපාරික ස්ථාන පොලීසියේ දැනුම් දීම මත ඊයේ 12 දහවල් වසා දැමුණ අතර මහජන පරීක්ෂක මහතුන්ගේ දැඩි උපදෙස් මත අද (13) යලි විවෘත කෙරිණි. 13 May 2020
ගාල්ලෙන් සාගරිකා දුම්රියට මගීන් 56යි ගාල්ලේ සිට කොළඹ කාර්යාලවල රාජකාරී සඳහා යන පුද්ගලයන් සඳහා අද (13) උදෑසන දුම්රිය දෙකක් ගාල්ල දුම්රිය ස්ථානය හරහා ධාවනය කෙරිණි. 13 May 2020
හයිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහායට කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100 දෙනෙකුගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යවා තිබේ. 13 May 2020
ගම්පහ පොලිස් කොට්ඨාසයේ කොටුවී සිටි ජනතාව පිටත් කෙරේ කොරෝනා වයිරස ව්‍යාප්තවීම වලක්වාලීම පිනිස පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටි ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි 2022 ක පිරිසක් අද (13) පෙරවරුවේ ගම්පහ නගර සභා පිටියෙන් පිටත්කර හැරීමට පොලීසිය පියවර ගනු ලැබීය. 13 May 2020
බලන්ගොඩ කොණ්ඩා කැපීම ඇරඹෙයි බලන්ගොඩ නගරයේ කොණ්ඩා කපන ආයතන දැඩි සෞඛ්‍ය උපදෙස් මත අද (13) විවෘත කෙරිණි. 13 May 2020
හැටන්හි මධු ලෝලීන් පාලනයට පොලිසිය එයි හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණිමෙන් එම පිරිස පාලනය කිරිමට හැටන් පොලිසියට මැදිහත්විමට සිදු විය. 13 May 2020
ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනාවෙන් සුවය ලබයි ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වයිරසය වැළඳීමෙන් සුවය ලබා ඇතැයි වාර්තා වේ 13 May 2020
කොරෝනා ආසාදිතයන් 889 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 889 දක්වා ඉහළ ගොස් ඇත. 12 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026