IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සඳලංකා සිරි සුහුරු පියස සිසු අයිතියට

(හේමලතා ඩී හේවගේ)

දිවංගත සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කරන ලද සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිති කර ගනිමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඉදිකළ සිරි සුහුරු පියස සිසු අයිතියට පත් කිරීම ඊයේ (16) සිදුකෙරිණි.

විද්‍යාලගේ ආදි ශිෂ්‍යයකු වන විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හිටපු සාමාජික සහ ලංකාදීප පුවත්පතේ සමාරමිභක ප්‍රධාන කර්තෘ, කර්තෘ මණ්ලඩ උපදේස සිරි රණසිංහ මහතා  විද්‍යාලයට සිදුකරනු ලැබූ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ඔහුට උපහාර පිණිස ඔහු නමින් මෙය නම් කර ඇත.

ආදි ශිෂ්‍ය සංගමය විසින් විවිධ ව්‍යාපෘති සිදුකරමින් ගොඩනගා ගත් ව්‍යාපෘති අරමුදලින් මෙම සුහුරු පන්ති කාමරය අති නවීන අංගෝපාංගවලින් සමන්විත ස්ථාපිත කරනු ලැබූ අතර ඒ සඳහා ඔමේගා ලයින් ආයතනය විසින් ටැබි පරිගණක 40 පරිත්‍යාග කරනු ලැබීය.

සඳලංකා මැදි  විදුහල්පති අසංක චාමින්ද මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ සහයෝගයද ඇතිව ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදී ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔමේගා ලයින් පෞද්ගලික සමාගම ලබාදුන් දායකත්වය අගයමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පීලික්ස් ප්‍රනාන්දු මහතා වෙත උපහාර තිළිණයක් පිරිනමනු ලැබූ අතර ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකළ මෙහෙවර අගයමින් එම සංගමය වෙතද විද්‍යාලය විසින් උපහාර තිළිණ පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට සඳලංකා මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය ගෝනුල්ලේ සුදම්ම වංශ හිමියන් සහ ඔමේගා ලයින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පීලික්ස් ප්‍රනාන්දු , වයඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ඒ. සී. කේ. ජයතිලක, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශන සමරවීර, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලංකාදීප පුවත්පතේ සමාරම්භක ප්‍රධාන කර්තෘ, කර්තෘ මණ්ඩල සිරි රණසිංහ, සඳලංකා මධ්‍යවිද්‍යාලයේ විදුහල්පති අසංක චාමින්ද, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හිමාලී, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අර්ථනායක, ලේකම් ග්‍රීන් ස්පේස් ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කර්මාන්ත කළමනාකරු අතුල පෙරේරා, භාණ්ඩාගාරික ඔමේගා ලයින් ආයතනයේ සහකාර ගණකාධිකාරී දර්ශන සමන් කුමාර, ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ව්‍යාපෘති මෙහෙයවීම සහ සම්බන්ධීකාරක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ ඒ අනුර කහදව, හිටපු විදුහල්පතිවරුන් වන නන්දන යාපා, එස්. ඒ. සරණසේන යන මහත්ම මහත්මීන් සහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවෝ, මවුපියෝ සහ සිසු සිසුවියෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 



අදහස් (0)

සඳලංකා සිරි සුහුරු පියස සිසු අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29964 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12109 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10893 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 757 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 228 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 880 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site