IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ලබා....

(කවිඳු දිල්ෂාන්)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් සංවිධානය කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2025 එම විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී ඊයේ (01) පැවැත්විණි.

එහිදී වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස මහින්ද චන්ද්‍රසේකරගේ ‘වාපි’ කෘතිය සම්මාන ලැබීය.

කෙටි කතා කාණ්ඩයේ වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූයේ එරික් ඉලියප්ආරච්චිගේ ‘මහජන ෆාමසිය’ කෘතියයි.

එමෙන්ම එහිදී වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස සුනෙත් රූප සිංහගේ ‘පුදසුනක නිසල බව’ කෘතිය සම්මානයට පාත්‍ර විය.

මංජුල වෙඩිවර්ධනගේ ‘බල්සාක් කැෆේ’ කෘතිය වසරේ විශිෂ්ටතම තීරුලිපි හෝ විශේෂාංග සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර විය.

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය ලෙස සම්මාන ලැබුවේ ගිනිකටුවැවේ විපුල හිමි විසින් රචිත ‘සිංහල අක්ෂර වින්‍යාසය අර්බුද ප්‍රවාද සහ යෝජනා’ කෘතියයි.

එමෙන්ම ටිම්රාන් කීර්තිගේ ‘මදුරාවතී නම් තරුරටාව’ කෘතිය වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර විය.

එහිදී සම්මාන ප්‍රදානය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද, සම්මානිත මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයලතා මැදවත්ත, මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ, මහාචාර්ය ඉන්දිරා මාවැල්ල හා ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, පොත් ප්‍රකාශන සමාගම්හි නියෝජිතයෝ, විශ්වවිද්‍යාලට සිසුසිසුවියන් ඇතුළු බොහෝ පිරිසක් එම සම්මාන උළෙලට සහභාගී වූහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ලබා....

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 228 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16056 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site