IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩුබායි වෙසක් මහ ඉහළින්

(රේඛා තරංගනී ෆොන්සේකා)

වෙසක් උත්සවය වෙනුවෙන් ඩුබායිහි අලෙයින් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් වෙසක් කලාපයක් පසුගිය 25 වැනිදා සංවිධානය කර තිබිණි.

එම වෙසක් කලාපයේ බත් දන්සල්, කොමඩු දන්සල්, බෙලිමල්  දන්සල්, බිස්කට් දන්සල්  සහ වෙසක් කූඩු තරඟ දක්නට ලැබිණි.

ඩුබායිහී අල්ලයින් ප්‍රදේශයේ විවිධ රැකියාවන්වල නිරතවන ශ්‍රී ලාංකිකයින් සහ  ක්‍රීඩා සමාජයන්ගේ එකමුතුවෙන් මෙම වෙසක් කලාපය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් එය නැරඹීමට පැමිණ  සිටිනු දක්නට ලැබිණි.

එම කුඩා වෙසක් කලාපය නැරඹීමට එහි පැමිණ සිටි ශ්‍රී ලංකිකයින් ලංකාදීප වෙත අදහස් දක්වමින් කියා සිටියේ මව්බිමෙන්  දුරස්ව විදේශ රටක රැකියාවන්හී නිරතවී සිටියදී සම්බුදු තෙමගුල සිහි කරමින් දාන සීල භාවනාවන්හි නිරත වීමේ වැඩ කටයුතු තම තමන්ට හැකි පමණින් සිදුකිරීමට කටයුතු කළ බවයි.

එමෙන්ම සිංහල, දෙමල, මුස්ලිම්, සියලුම ජාතීන් ශ්‍රි ලාංකිකයන් ලෙස බැති සිතින් එම පිං කටයුතු සඳහා දායක වී සිටින බවද වැඩිදුරටත්  පැවසීය.



අදහස් (0)

ඩුබායි වෙසක් මහ ඉහළින්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29985 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12131 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10893 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 760 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 229 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 881 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site