(අංජුල මහික වීරරත්න)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී දෙවන දිනටත් ආරම්භ විය.
වෙසක් බැති ගී සරණීයේ දෙවන දිනයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය සමඟින් ජනප්‍රිය ගායන ශිල්පී ඉලියාස් බෙග් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බැති ගී කණ්ඩායම විසින් ගීතවත් වූ අතර වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමි සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
මෙම භක්ති ගීත වැඩසටහන ඉදිරි මැයි 14 සහ 15 යන දිනයන්හිද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන අතර වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් කෙටි ආහාර දන්සලක්ද ජනාධිපති කාර්යාලය අසලදී 16 වන දා දක්වා පැවැත්වේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සලද ඊයේ ජනාධිපති කාර්යාලය අසලදී යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන
ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම අරමුණු කරගනිමින් පැවැත්වූ ආයූර්වේද වෛද්‍ය සායනයක් ඉබ්බාගමුව තිහව ,අටවල
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්
පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ ’’ඉඟි’’ නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළ
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්