IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එන පාගමන කටුවපිටියෙන් පිටත් වෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලිව් කීර්ති)

පාස්කු දා සිදු වූ  ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද (20) රාත්‍රී කටුවපිටිය සාන්ත සෙබස්තියන්  දේවස්ථානයේ පැවති පූජාවෙන් අනතුරුව ඊට සහභාගි වූ පිරිස කොළඹ කොච්චිකඩේ දේවස්ථානය  කරා යන  පා ගමන්  ඇරැඹූහ.

රාත්‍රී විශේෂ දේව පූජාව පස්වරු 7.00 ට ආරම්භ වූ අතර පාස්කු ප්‍රහාරය නිසා වින්දිතයන් බවට පත් වූ පිරිස ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

පූජාවේ කටයුතු අවසන් වීමෙන් පසු ඊට සහභාගි වූ පිරිස පෙළගැසී කොච්චිකඩේ දේවස්ථානය කරා යන පාගමනේ කටයුතු සාමකාමීව ආරම්භ කරනු ලැබීය. 

කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා ගමන් කෙරෙන මෙම පා ගමන වෙනුවෙන් කටුනායක -සිදුව ඇතුළු ස්ථාන කීපයක දී දන්සැල් පැවැත්වීමට ද සංවිධානය කර තිබිණි .

මෙම පිරිස හෙට (21) පෙරවරු 8.00 වන විට කොච්චිකඩේ දේවස්ථානය අසලට ළඟා වීමට නියමිත අතර එහි පැවැත්වෙන දේව පූජාවට සහභාගි වීමටද නියමිතය 



අදහස් (7)

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එන පාගමන කටුවපිටියෙන් පිටත් වෙයි

Alfread Thursday, 20 April 2023 10:00 PM

මේ මිනිස්සු ඉස්සෙල්ලාම බෝම්බෙට අහු වුනා. දැන් එයාලා දේශපාලනේට අහු වෙලා. මේ ඔයාලව එක්ක යන්නේ දෙවියන් වහන්සේ ගාවට නෙමේ. ආගමික නායකයන්ගේ දේශපාලන සැලසුමක් ඉශ්ඨ කරල දෙන්න. අහිංසක මිනිහා හැමදාම ලොකු උන්ගේ සැලසුම් වල ඉන්න පුංචි ඉත්තො විතරයි. ඒකට හොඳම උදාහරනේ තමයි අරගලේ. එක පාරකට වඩා ඕනම කෙනක්ට ඔයාලව අන්දන්න දෙන්න එපා.

:       4       61

ෆරූන් ඩයන් Thursday, 20 April 2023 10:42 PM

වින්දිතයන්ට සාධාරණය අපේක්ෂා වෙන් ඔබලා ගෙන යන අරගලයට ජයෙන් ජයම වේවා

:       28       9

Lal Thursday, 20 April 2023 11:29 PM

කාදිනල්තුමා පවා මේ ප්‍රහාරය කලින්ම දැනගෙන හිටියා

:       8       30

Fransis Friday, 21 April 2023 05:32 AM

ඒ මියගිය මිනිස්සුන්ව දේශපාලන ක්‍රීඩාවකට යෙදවීම පිලිබඳ අපිට කණගාටුවක් දැනෙනව. දැන් හැම එකටම පාස්කු ප්‍රහාරේ අරන් වටේ යනවනේ.

:       4       23

Nish. K Friday, 21 April 2023 05:55 AM

තමන්ගේ පෞද්ගලික දේශපාලන මතවාද වෙනුවෙන් අර අන්ත අසරණ වෙච්ච මිනිස්සු යොදාගන්න එක නම් මහ කැත වැඩක් කාඩිනල්.

:       6       21

Bamunuarachchi Friday, 21 April 2023 06:12 AM

පාස්කු ප්‍රහාරය වෙන දිනය, වෙලාව, සථානය දැනගෙන සිටි ක්‍රිස්තියානි කාරයෝ ඒ බව පල්ලියට හෝ කාදිනල්ට ගන්වා නැත. සියල්ල සිද්ද වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුව බව සුද්දවූ බයිබලයේ සඳහන්ව ඇත.

:       8       37

Rohana Friday, 21 April 2023 06:53 AM

අපේ පූර්ණ ආශිර්වාදය ඔබ සැමට

:       15       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site