IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අපිට නැති උන්ට ඇති කම්කරු දිනය

(යොහාන් භාසුර)

ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.

දේශපාලන පක්‍ෂ කෝටි ගණනින් මුදල් වැයකර කම්කරු දින පෙළපාලි සහ රැළි පවත්මින් මුදල් නාස්ති කළ ද මාර්ග පිරිසිදු කරන කම්කරුවන් කෑමක් හෝ බීමක් ගැනීමට ස්ථානයක් හෝ නොමැති අද දිනයේ ද සේවය නිරතව සිටින ආකාරය දැකගත හැකිය. 



අදහස් (6)

අපිට නැති උන්ට ඇති කම්කරු දිනය

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 01 May 2024 11:03 AM

ඇත්තටම ලංකාවේ දේශපාලකයින් කියන්නේ හැමදෙයක්ම උඩු යටිකුරු කරන කොටසක්, අද දවස මැයි 1 ගෝලීය වශයෙන් ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සමරනු ලැබේ. කම්කරුවන්ගේ සහ කම්කරු පන්තියේ උත්සාහයන් සහ අරගල හඳුනාගැනීමේ දිනයයි. ඇමරිකාවේ / චිකාගෝවේ දෛනිකව පැය අටක වැඩ කරන කාලයක් ඉල්ලා හා කම්කරු පන්තියේ අනෙකුත් වරප්‍රසාද වෙනුවෙන් කල සාර්ථක ව්‍යාපාරයක්. කම්කරු අය්තීන් දිනාගත් දිනයක් බැවින් මෙම දිනය ජාත්‍යන්තර කම්කරුවන් වෙනුවෙන් වෙන්කළ දිනයක්. නමුත් අපේ රටේ බත්බැලයින් උන්ගේ පක්ෂයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මෙම දිනය යොදාගෙන ඇත. කිසිම සම්බන්ධයක් නැති එවුන් රැලි පවත්වා අපවිත්‍ර කල ස්ථාන කම්කරුවන් අද පිරිසිදු කරති.

:       1       10

පිටරටවැසියා Wednesday, 01 May 2024 12:09 PM

ඔවුන්ට කම්කරු දිනයට ජෝගි දාන්න ඉන්දියාවෙන් ගායකයින් ඉම්පෝට් කරන්න සල්ලි තියෙනවා. මේ වගේ බහුතරයක් කම් ජනතාව කෑමක්, බීමක්, ස්ථානයක් හෝ නොමැතිව අද දිනයේ ද මහ පාරේ එදා වේල හම්බ කරගන්න මහන්සි වෙනවා.

:       2       11

ගමේ එකාලා Wednesday, 01 May 2024 01:37 PM

අපේ රටේ කම්කරු දිනය දේසපාලුවෝ එකාට එකා මඩ ගහන ,බොරු බේගල් ගහලා ජනතාව අන්දවන දවසක් වෙලා ?

:       1       11

Maduranga Wednesday, 01 May 2024 03:22 PM

කම්කරු දිනය කිව්ව ගමන් මුට්ට කරගහන අයයි, පිරිසිදු කිරීම් කරන අයවයි විතරක් පෙන්වන්න එපා. කම්කරු දිනයේ අර්ථය ඊට වැඩිය පුළුල් එකක්...

:       2       6

Sanka Thursday, 02 May 2024 02:27 AM

සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව් - අන්තිම සටනට සැරසියව්! මීට අවුරුදු 60 කට පෙර සටන් පාඨය තාමත් කියමින් ඉන්නවා. සා දුකින් පෙලෙන උන් තාමත් සාදුකින්මය් .

:       0       0

Lgpj Thursday, 02 May 2024 06:17 AM

ඉතිහාස ගත මැයි දින රැළියක් දේශපාලන පක්ෂ සියල්ලටම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site