IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


“පළිඟු රෑන” මැති සබයටත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් “පළිඟු රෑන” වේදිකා නාට්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) සාර්ථක ලෙස වේදිකා ගතවිය. 

නාට්‍ය ආරම්භයට පෙර කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි  සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය සේන නානායක්කාර මහත්ම මහත්මීහු ප්‍රේක්ෂකයින් වෙත නාට්‍ය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළහ.

මෙලෙස වේදිකාගත කෙරුණු  මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය  ප්‍රකට  ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ  The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය  පදනම් කරගෙන  නිෂ්පාදනය කර ඇත.

ශ්‍රී ලංකීය සම්මානීය නාට්‍යකරු හෙන්රි ජයසේන මහතා  සිංහලට පරිවර්තනය කරමින් රචනා කල මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය, පුජිත ද මෙල් මහතා අධ්‍යක්ෂණය කර ඇත.

 ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න  ඇතුළු  ක්ෂේවියර් කනිෂ්ක, මනුෂි ටානියා,  බිම්සර සිල්වා යන රංගන ශිල්පින්ගේ  රංගන දායකත්වය ලබා මෙය  මෙම නාට්‍ය වේදිකාගත  කෙරිණි.

අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය , කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්ම මහත්මීහු ද  මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

“පළිඟු රෑන” මැති සබයටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site