(අංජුල මහික වීරරත්න)
2026 වර්ෂය සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීමට අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් නිෂ්පාදනයන් 130 ක් දේශීයව මිලදී ගැනීම පිණිස දේශීය නිෂ්පාදකයින් වෙතින් අභිලාෂ කැඳවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරන ලද කමිටුවක් මඟින් ඇගයීම් කර, නිෂ්පාදකයින් විසිහතර දෙනෙකු (24) තෝරා ගෙන ඇත.
එම නිෂ්පාදකයින් සමඟ එළඹ ඇති ගිවිසුම් 2025-12-31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව, 2026 වර්ෂය සඳහා දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීමට දේශීය නිෂ්පාදකයින් වෙතින් අභිලාෂ /තාක්ෂණික යෝජනා කැඳවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
’’අපේ අයගෙන්’’ ඖෂධ මිලදී ගන්න අනුමැතිය