IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


’’ යන්න තිබුණේ එළියට දාන්න කලින්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ ගෙවල් වල සිටි හිටපු ජනාධිපතිවරුන්ට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර එළියට දාන්න කලින් යන්නට තිබුණා යැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මහජන මුදල් කොල්ල කමින් හිටපු එක ගැන ඒගොල්ලෝ ලැජ්ජා විය යුතු බව පැවැසූ අමාත්‍යවරයා දැන් ජනතාවගේ අනුකම්පාව ගන්න විවිධ කතන්දර කියන බව කීය. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව කීවේ ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.

"මහින්ද ගෙදර යනකොට වන්දනාවේ යනවා වගේ මිනිස්සු යනවා දැක්කා. "අපිට යන්න කිව්වා කියලා මහින්දත් කියනවා.හරි නම් ලැජ්ජ වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන,චන්ද්‍රිකා බණ්ඩාරනායක, හේමා ප්‍රේමදාස එළියට දැම්මේ පාර්ලිමේන්තුවෙන්. එහෙම එළියට දාන්න කලින් යන්න තිබුණේ.ඒගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕන. මහජන ධනය මංකොල්ල කාලා, විනාශ කරලා හිටියේ.

ඒගොල්ලන්ට විශ්‍රාම වැටුප නැති කරල නෑ. ආරක්ෂාව නැති කරල නෑ.

හැබැයි අනීතික විදියට ඉඳලා රටේ ජනතාවගේ බදු සල්ලි කොල්ල කාලා යන්න වුනාම ජනතාවගේ අනුකම්පාව ගන්න "අපට යන්න කිව්වා. යන්න තැනක් නෑ. මැද මුලනට හරි යනවා කියලා කියනවා.

ඇත්ත කතාව ඒක නෙමෙයි. ඒගොල්ලෝ අනීතිකව හිටපු වග ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඔප්පු කළා.ඒ තීන්දුවට හිස නමන්න ඕන. ඒ නිසා යන්න වෙලා තියෙනවා යනුවෙන්ද සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා කීය.

 



අදහස් (5)

’’ යන්න තිබුණේ එළියට දාන්න කලින්’’

Jagath Leanage Thursday, 11 September 2025 06:25 PM

"ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වැඩිය ලොකුයි" කියල කියමනක් තියනවානේ...

:       1       2

කපුරුහාමි Thursday, 11 September 2025 06:41 PM

බලය නැති වුණාට පස්සේ නිල නිවාස බාර නොදී බලහත්කාරයෙන් ඉන්න හදපු එකේ ප්‍රතිඵල? ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාලා මදිවෙලා...?

:       3       3

Nandana Thursday, 11 September 2025 07:23 PM

අනේ යන්න...

:       4       0

මහසෙන් Thursday, 11 September 2025 07:25 PM

යෑස්..යැස්.. ඉට්ස් අ වෙරි බිග් කුච්චන්...

:       4       3

Deepal Nirosh Thursday, 11 September 2025 07:47 PM

ඉතින් එළියට දාන්න කලින් ඔය යස අගේට ගියේ, එළියට දානකම් ඉඳි කියලද හිතුවෙ ?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 63 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site