
(කේ. බුද්ධික කුමාරසිරි)
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක ලෙස සැලකෙන " ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනා” නැමැත්තිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි හයකට ආසන්න වටිනා දේපළ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (08) දින තහනම් කරන ලදී.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් බවට සැක කෙරෙන මුදල් යොදවා අත්පත් කරගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් කෝටි 5.7කට අධික දළ වටිනාකමකින් යුත් දේපළ දෙකක් දින හතක කාලයක් සඳහා මෙලෙස ක්‍රියා විරහිත කිරීමට නියෝග කර තිබේ.
පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකදී, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකාරිය විසින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා දේපළ හා වත්කම් අත්පත් කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd