IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘ලබන වසරේ සියයට 6 ආර්ථික වර්ධනයක්‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ලබන වසරේදී ශ්‍රී ලංකාව සියයට 6 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට ඉලක්ක කර තිබෙන බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එම ඉලක්කයෙන් කොටසක් රජයේ ප්‍රාග්ධන වියදම් හරහා සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවත්  අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම මෙම වසරේ ආර්ථික වර්ධනයේ ප්‍රගතියට බලපානු ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

නිදහසින් පසුව මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ ආයෝජකයන් සහ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන නමුත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් රජයේ වියදම් මන්දගාමී වූ බැවින් මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4ත් 4.5ත් අතර ප්‍රතිශතයකට පහළ යනු ඇතැයි අමාත්‍යවරයා කීය.

ලබන වසරේදී ශ්‍රී ලංකාවට සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා එම ප්‍රතිශතය ඉලක්කය කර ගනු ඇති බවත් ඔහු පැවැසුවේය.

වසර පහකට පසුව සංවර්ධනය වෙමින් පවතින රටවල් පවත්වාගෙන යන ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාවද පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් එම ප්‍රතිශතය සියයට 6ත් 7ත් අතර වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ලබන වසරේදී රජය සිය ප්‍රාග්ධන වියදම සියයට 8 කින් රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට බලාපාරොත්තු වන බවද ප්‍රනාන්දු මහතා පැවැසුවේය.

 



අදහස් (0)

‘‘ලබන වසරේ සියයට 6 ආර්ථික වර්ධනයක්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30489 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12501 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10902 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site