IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


‘‘ක්‍රෙඩිට් කාඩ්වලින් අමතර ගාස්තු අයකරන්න බෑ‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ගෙන් 2.5% සිට 3% දක්වා අමතර ගාස්තු අය කිරීමට සමාගම් සහ ආයතනවලට නීතිමය ප්‍රතිපාදන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එලෙස ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සිදු කිරීමේදී අමතර ගාස්තුවක් අයකළ හොත් කාඩ්පත අයත් බැංකුවට පැමිණිලි කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින බවත් එහිදී අයකර කර ඇති වැඩිපුර මුදල අදාළ බැංකුව පාරිභෝගිකයාගේ ගිණුමට බැර කරනු ඇති බවත් ඔහු පැවැසුවේය. කෙසේ නමුත් පැමිණිලි කරන විට අමතර ගාස්තුවක් අයකළ බවට පැහැදිලි සාක්ෂි සහිත ගනුදෙනුවේ රිසිට් පත් පාරිභෝගිකයා ඉදිරිපත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

ලංකාවේ වසරකට ඩිජිටල් ගනුදෙනු ලක්ෂ 16 ක් සිදුවන බවද ඔහු සඳහන් කළේය. ඉන් ලක්ෂ 8 ක් ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු බවත් ලක්ෂ 6 ක් ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු බවත් ඔහු පැවැසුවේය. ලංකාවට ඉතාමත් හොඳ ඩිජිටල් ගෙවීම් පද්ධතියක් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

 



අදහස් (1)

‘‘ක්‍රෙඩිට් කාඩ්වලින් අමතර ගාස්තු අයකරන්න බෑ‘‘

Tissa senanayake Friday, 25 July 2025 01:05 PM

පාරිභෝගිකයාගෙන් ගන්නේ නැති වුණාට ව්‍යාපාරිකයාගෙන් ගන්නවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 85 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 314 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site