(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘‘උරුමය‘‘ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් 98,430,000/= ක ( රුපියල් නවකෝටි අසු හතර ලක්ෂ තිස් දහසක මුදලක්.) වංචා කළ ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ , දෙවන පියවර තරුණ ගොවි ව්‍යාපාර,බකමූණ ප්‍රදේශයේ පදිංචි මැණික් හා ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන කාන්තාවකි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටියදී ඔප්පු නොමැතිව වසර ගණනාවක් පදිංචිව සිටි පවුල් සඳහා උරුමය වැඩසටහන යටතේ ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවූ අතර ඒ මුවාවෙන් සැකකාරිය ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී කල්මුණේ ප්‍රදේශයේ පුද්ගලයන් 164 කුගෙන් රුපියල් 98,430,000/= ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කර මුදල් වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) වෙත පැමිණිලි ලැබී තිබිණි.
ඒ අනුව විමර්ශන පැවැත්වූ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) නිලධාරීන් එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම අංශය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
‘‘උරුමය‘‘ ඔප්පු පෙන්නා කෝටි නවයක් ගැරූ කත අල්ලයි