IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


‘ඉෂාරා ගැන විශේෂ විමර්ශනයක්‘

(ගයාන් සූරියආරච්චි)

ප්‍රබල අපරාධ කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නීතිඥ වෙස්ගෙන සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මෙරටින් පලායාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද නැමැත්තන් එම එම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබුණි.

කෙසේ වෙතත් ගනේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පුත්තලම, පාලවීය ප්‍ර දේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පලාගොස් තිබුණි.

ඒ අනුව සැකකාර සෙව්වන්දි පිළිබදව අත්අඩංගුවට ගැනීමේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබුණි. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සදහා ලංකාවේ විවිධ ප්‍රදේශවල විමර්ශන කටයුතු සිදුකළ ද ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය.

කෙසේ වෙතත් ප්‍රබල පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසාවේදී අත්අඩංගුවට ගැනීමත් සමග ඉෂාරා සෙව්වන්ද අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය හා සම්බන්ධතා පවත්වමින් විමර්ශන ආරම්භ කර ඇති බව උසස් නිලධාරියෙක් පැවැසීය.

අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (0)

‘ඉෂාරා ගැන විශේෂ විමර්ශනයක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 228 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16056 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site