IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගනී

(සුමිත් පොතුපිටිය)

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී  ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ ජීව පතුරම් 30 ක් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවිය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

සැකකරු පදිංව් හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසෙහි සගවා තිබී ගිනි අවිය සහ පතුරම් සොයාගෙන ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් සදහන් කලේය.

මෙම ටී 56 ගිනි අවියේ අංක කිසියම් උපකරණයක් යොදා මකාදමා තිබී ඇති අතර , එය සැකකරුට ලැබුන ආකාරය සහ කිසියම් අපරාධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

මුදල් පොලියට දෙන බව කියන ව්‍යාපාරිකයා සුඛෝපභෝගී ජීප් රථයකින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනකු පැමිණ පසුපස සිටි තුවක්කුකරු රථයට වෙඩි තබා පලාගොස් තිබුණි.

 



අදහස් (0)

හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ඊලොන් මස්ක් හමු වෙයි
2024 මැයි මස 19 0 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී අද(19)පැවැත්විණි.


ඩයනාට එරෙහිව අපරාධ නඩු සංග්‍රය යටතේ ක්‍රියා කරන්න උපදෙස්
2024 මැයි මස 19 214 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍


මානවහිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
2024 මැයි මස 19 125 0

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
2024 මැයි මස 19 101 0

බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


‘බෙනී ගානට්ස්‘ගෙන් රතු එළියක්
2024 මැයි මස 19 511 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා


ගංගා,ඇළ,දොළ භාවිතයේදී පරිස්සම් වෙන්න
2024 මැයි මස 19 80 0

නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 797 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site