IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


හොංකොන් ගිය පෞරාණික ධාතු යළි ඉන්දියාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

හොංකොංහි සදබි වෙන්දේසි කාර්යාලය වෙන්දේසි කිරීමට ගිය බෞද්ධාගමට අයත් පිප්‍රහ්වා පෞරාණික ධාතු එකතුව ඉන්දියාවෙන් රැගෙන ගොස් වසර 127 කට පසුව නැවතත් ඉන්දියාවට ලැබුණු බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 10 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3000 ක් පමණ) බවත් එරට සංස්කෘතික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එය ඉන්දියාවට ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ කර්මාන්තකරුවකු වන පිරෝජ්ෂා ගොඩ්රෙජ් ඉදිරියට පැමිණි බවත් එම එකතුවේ තිබූ ආභරණ 349 න් වැඩි කොටස වසර 5 කාලයක් සඳහා ජාතික කෞතුකාගාරයට ලබාදීමට ගොඩ්රෙජ් එකඟ වූ බවත් ධාතු එකතුව ඉන්දියාවට ලැබුණු දිනසිට මාස තුනක කාලයක් සමස්ත එකතුව ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනු ඇති බවත් ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය පැවැසුවේය.

කෙසේ නමුත් එම ධාතු එකතුව සදබි වෙන්දේසි කාර්යාලයෙන් ලබා ගැනීමට ගොඩරෙජ වෙන්කළ මුදල ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

බොහෝ බෞද්ධ කණ්ඩායම්වල විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරැව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගමේ හොංකොං කාර්යාලය පසුගිය මැයි 7 වෙන්දේසි කිරීමට උත්සාහ කළේය.

නමුත් ඉන්දියාවේ මැදිහත් වීමෙන් එම වෙන්දේසිය නතර විය.

 



අදහස් (0)

හොංකොන් ගිය පෞරාණික ධාතු යළි ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 298 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 647 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site