
(සුජිත් හේවාජුලිගේ)
මුස්ලිම් හෙද නිලධාරිනියන්ට රජයේ රෝහල්වල රාජකාරී කිරීමේදී සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර ඇත
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරන්නේ රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර පිළිගැනීම අනු්ව නිර්මාණය කරන ලද්දක් බවයි.
කාගේ හෝ ඉල්ලීමකට සවන් දීමෙන් මෙම නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම්, සංගමයක් වශයෙන් ඊට විරෝධය පාමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු අැතැයි උන්වහන්සේ සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත
2025 ඔක්තෝබර් මස 08
1510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1343
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
478
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙද සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට රතු එළියක්
අරවින්ද මොණරවිල Monday, 27 October 2025 01:34 PM
දැන් වලපයයි, ගොඩපයයි තියාගෙන ඉන්නේ, පිස්සු කෙලින්නේ නැතුව දැන්වත් මහණ වෙනවද ?
සමිනා Monday, 27 October 2025 02:26 PM
අරවින්ද මේක ඔයාගේ පක්ෂයට එරෙහිව කතාවක් නොවෙයි. ලෝකේ පිළිගත්තු ප්‍රමිතියක් ගැන කතා කරන්නේ. නිල ඇඳුමක් කියන්නේ කවුරුත් පිළිගන්න ඕන දෙයක්. ජාතිය, ආගම අනුව එක් කොටසකට පමණක් වෙනසක් කිරීමත් වරදක් තමයි. කරුණාකර හැම දෙයක්ම දේශපාලනයට සම්බන්ධ කරගන්නේ නැතුව හිතන්න පුරුදු වෙන්න. අනික් අතට තවත් මුස්ලිම් නිලධාරිනියන් ඇති ඔය වෙනසට අකැමැති. ඔය වගේ ප්‍රශ්නයක් අවුරුදු ගාණකට කලින් ආවා මුස්ලිම් කාන්තාවන් සමාජයේදී ඇඳිය යුතු ඇඳුම් ගැන. ඒ වෙලාවේ නාගරික මුස්ලිම් කාන්තාවන් විශාල සංඛ්‍යාවක් එයට විරුද්ධ වුණා.
පන්සිළු Monday, 27 October 2025 01:39 PM
මරිමෝඩ පිස්සෝ බලයට පත් වුණාම එක එකා සතුටු කරන්න පිස්සු කෙළිනවා. අන්තිමට රටම ව්‍යාකූල කරලා තමයි මොවුන් ගෙදර යන්නේ... ආයේ නම් බලයට එන්නේ නෑ කවදාවත්. නමුත් ප්‍රශ්න වැලක් අටවනවා.
azarMonday, 27 October 2025 02:09 PM
ලංකාවේ ඉන්නේ හෙන විද්‍යාත්මක පොරවල් තමයි. කොරෝනා මිනී පිච්චුවේත් හෙන සයන්ටිෆික් කියලා තමයි. දොස්තර සාෆි පැන්නුවේත් විද්‍යාත්මක ක්‍රමයකට ඔප්පු කරලා. මුස්ලිම් අය ඔලුව වැහුවා කියලා මොකක්ද වෙන්නේ... ජාතිවාදීන්ට මොකක්ම හරි මගුලක් ඕනෑ එල්ලෙන්න.
චන්දන Monday, 27 October 2025 02:14 PM
කවුද මේ නම දැම්මේ පන්සිළු... මේ නම ගැලපෙන්නේ නැහැ.
සමන් - ඕමානයMonday, 27 October 2025 03:19 PM
පන්සිළුගේ අදහස හරියට හරි... එක එකා සතුටු කරන්න ඔවුන්ගේ අදහස්වලට යටවෙන පඹයින්ගෙන් මීටවැඩි යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඊටත්, මෙහෙම තීරණයක් ගනිද්දී සිටිය යුතු අනෙකුත් පාර්ශවයන් ගැන හිතුවාද? සෞඛ්‍ය ඇමැති, එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, හෙද වෘත්තීය සමිති නියෝජිතයින් ආදී නියෝජනයක් නැතිව, සුදු තොප්පිකාරයින් පනහක් පමණ මැද පඹයින් දෙතුන් දෙනෙක් ඉඳලා ගත්තු අමන තකතීරු තීරණයක්. මෙය හෙද වෘත්තියට හා සෞඛ්‍ය අංශයට අදාළ දෙයක් මිස, ආගමකට හෝ ජන වර්ගයකට සීමා වුණු දෙයක් නොවෙයි කියලාවත් ඔතැන හිටපු මෝඩ ඇමැතිලාට අවබෝධ වුනේ නැද්ද? ඔය විදිහට ගියොත් තව ටික කලකින් සුදු තොප්පි දමාගත්, සුදු ලෝගුව ඇඳගත්, රැවුල දිගට වවාගත් පොලිස් කාරයින්, හමුදා නිලධාරීන් ආදීනුත් අපට බලාගන්න පුළුවන් වෙයි, අනන්‍යතාවය රැක දෙන්න කියලා. කවුරුන්ගේ හෝ අසාධාරණ ඉල්ලීම්, ඔවුන් සුළු ජාතියකින් ආ පමණින් දිවයුතු නෑ. අන්තිමේදී මේ වගේ මෝඩ තකතීරු තීරණ නිසා, ජන වර්ග අතර විරසකයන් පවා ඇති වෙනවා. මේ මෝඩ ඇමතිලා අඩු ගන්නේ තමන්ගේ විෂය පථය මොකක්දැයි දන සිටිය යුතුයි. ජාන විකෘති පෙරමුණක (JVP) සිටින, මොලේ මඥ්ඥං වෙච්ච, කොන්ද පණ නැති මෝඩයෝ...
Prabash Monday, 27 October 2025 02:06 PM
තනතුරකට නිල ඇඳුමක් තුළින් වෘත්තීය අනන්‍යතාවය, ගෞරවය ප්‍රතාපවත් බවක් අමතරව එකතු වෙනවා. එක එක ජාති ආගම් කුලමල අනුව තනතුරේ නිල ඇඳුම වෙනස් වෙනවා නම් ඒක මහ විකාරයක් වෙනවා. එක එක පිරිස් ඇවිල්ලා තමන්ගේ යටි අරමුණු ඉටුකර ගන්න විවිධ දේ ඉල්ලුවාට එකපාරටම හාහ් කියන්නැතුව බුද්ධියයි කශේරුවයි පාවිච්චි කරලා තීරණ ගන්න.