(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ලක්ෂ නවයකට ආසන්න හිඟ විදුලි ජල සහ දුරකථන බිල්පත් ප්‍රමාණයක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
රුපියල් හය ලක්ෂ තිස් හත්දහස් පන්සිය තිස් නවයක් වටිනා විදුලි බිල් පත් රුපියල් පන් ලක්ෂ අනූ දහස් අටසිය හැටක් වටිනා ජල බිල් පත් සහ රුපියල් තුන් ලක්ෂ තුන්දහස් හයසිය තිහක් වටිනා දුරකථන බිල්පත් මෙසේ අය කරගෙන නැති බව එහි දැක්වේ.
මාදිවෙල මන්ත්‍රී නිවාස ලබාදීමේදී පාර්ලිමේන්තු මහලේකම් සමග ඇති කරගනු ලබන ගිවිසුමේ 14 වගන්තිය අනුව පදිංචිකරුවන්ගෙන් විදුලිය ජලය සහ දුරකථන සඳහා සියලු ගාස්තු නොකඩවා අය කරගත යුතු බව සඳහන් වේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිශීලනය කරනු ලබන පුස්තකාල පොත් සඳහා වාර්ෂික සමීක්ෂණ වාර්තා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
ප්‍රසම්පාදන සැලැස්මේ වැඩ සඳහා කෝටි විසිහයකට වැඩි මුදලක් වෙන්කර තිබුණද වර්ෂ අවසානයේ එහි ප්‍රගතිය විගණනයට ඉදිරිපත් නොවීම හේතුවෙන් සැලැස්මේ ඵලදායීතාව ඇගයීමට ලක් කළ නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
තවද ආයතනයේ කාර්ය සාධන දර්ශක ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව ඉදිරිපත් කර නොතිබූ බවද එහි දැක්වේ. මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ජල විදුලි බිලට පොලු තියලා