IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


හිටපු ඩි.අයි.ජි ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

(යොහාන් භාසුර, ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා  ‘ලංකාදීප’යට පැවසීය.

රෝගී තත්වයක් හේතුවෙන් රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ එම රෝහලේ ඒ මහතා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙට (29) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වුට්ලර් මහතා කීය.

විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන නමගිය සංවිධානාත්මක අපරාධකරුවකු මරණ තර්ජනය කළ බවට කළ අසත්‍ය පැමිණිල්ලක් පිළිබඳව කළ විමර්ශනයකට අදාලව ජයකොඩි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙසේ අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

විදේශ රටක සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු යැයි කියන ‘කෙහෙල්බද්දර පත්මේ’ තමන්ට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මීට දින කීපයකට පෙර වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිළි කර තිබුණි.

කෙසේ වෙතත් එම මරණ තර්ජනය කළ පුද්ගලයා යැයි සැක පුද්ගලයෙක් මහනුවර ප්‍රදේශයේදී මීට දින තුනකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබූ බවත් ඔහුගේ දුරකථනය පරීක්‍ෂා කිරීමේදී ‘කළ උදව්වට ස්තූතියි’ ආදි ලෙස ප්‍රියන්ත ජයකොඩි මහතා යොමු කළේ යැයි කියන කෙටි පණිවුඩ තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි කියන අදාල පුද්ගලයා ලවා ප්‍රියන්ත ජයකොඩි මහතා, හිටපු මහජන ආරජෂක අමාත්‍යවරයකුට, හිටපු පොලිස්පතිවරයකුට, සක්‍රීය සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ ජයකොඩි මහතාගේ සමීප ඥාතියකුට තර්ජනාත්මක දුරකථන ඇමතුම් දී ඇති බවත් අදාල පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට එම ඇමතුම් දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ඇමතුම් ඩුබායි සිට අදාල පුද්ගලයන්ට දුන්නේ යැයි අත්අඩංගුවට පත්ව සිටින සැකකරු මෙරටට පැමිණ එම විදේශ සිම්පත තිබූ දුරකථනයට මෙරට සිම්පතක් ඇතුළත් කිරීමෙන් ඔහු හදුනාගැනීමට හැකිවී ඇතැයි වැඩි දුරටත් දැනගන්නට තිබේ.

 



අදහස් (2)

හිටපු ඩි.අයි.ජි ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

පරා Tuesday, 29 July 2025 12:51 AM

ඕක තමයි අපි නිතරම කිව්වෙ පොලිසියේ සහය නැතුව පාතාලයට පැවැත්මක් නැති බව.

:       0       0

සම් Tuesday, 29 July 2025 04:02 AM

කොහේ හරි වීසා ගන්න ඕන වෙලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 32 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 527 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site