(මනෝප්‍රිය ගුණසේකර)
දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මඟින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණීන් සිය දේශපාලන හිතවතුන් මඟින් බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කළැයි කියමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියම කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකාර හිටපු අමාත්‍යවරයා එලෙස රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිටපු ඇමැති එස්.එම්. 18 තෙක් රිමාන්ඩ්
මාලිමා ගැත්තා Friday, 04 July 2025 05:21 PM
ඒවා ඒ මනුස්සයා බෙදලා නේද? අනේ මන්දා කෙහෙලිය ඇරෙන්න අනිත් ඒවා නම් උගන්ඩාවෙ හංගපු සල්ලි වගේ...
පොඩිඑකා Friday, 04 July 2025 05:32 PM
අඩුගානෙ ඇට ටික තම්බගෙන තනියම කෑවනං මෙහෙම කළාට කමක්නෑ... නේද යෝගා...?
prasanna ඩෝබි Friday, 04 July 2025 05:41 PM
අනුරපුරේ බන්ධනාගාරෙට අරිනවාද? හිටපු බන්ධනාගාර අධිකාරිට හරි, කොමසාරිස්ට හරි කියලා ජනපති සමාවක්වත් ලියවා ගන්න...
Neel Friday, 04 July 2025 05:43 PM
බය වෙන්න දෙයක් නැහැ, මල්ලීත් ලග පාත ඉන්න කොට. අනික තව කට්ටියක් මග එනවනේ...
පිටිගල මිලානෝ Friday, 04 July 2025 05:46 PM
නුවර වැවේ වැව්තාවුල්ලේ බිල්ඩිං ගැහුවේ මමයි පුතේ….
Asela Friday, 04 July 2025 08:00 PM
මේවා විපක්ෂයේ අයව හීලෑ කිරීමට දේශපාලනිකව පෙළඹවූ උත්සාහයන්. විගණකාධිපති හෝ අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් ඇත්තටම විමර්ශනය කිරීමට අවශ්‍ය නම්, විවිධ දෙපාර්තමේන්තු වල ADB/ලෝක බැංකු අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීම/අක්‍රමිකතා විමර්ශනය කිරීමයි. කිසිදු වගකීමක් නොමැත, නමුත් ව්‍යාජ කරුණු සහිත නිෂ්ඵල වාර්තා. සම්බන්ධීකරණ නිලධාරියා පත් කරනු ලබන්නේ පරිත්‍යාගශීලියා සහ පරිත්‍යාගශීලියාගේ මණ්ඩලයක් විසින් බැවින්, ඔවුන් එතරම් ගැටළු ඇති නොකරයි. ඇත්ත වශයෙන්ම, එම ව්‍යාපෘති සුදු අලියෙකි. ලබන්නා කෙසේ හෝ ගෙවිය යුතු බව ඔවුන් දන්නා බැවින් ADB හෝ වෙනත් පරිත්‍යාගශීලීන් එතරම් තැකීමක් නොකරයි. ප්‍රේමදාසගේ සිට අනුර දක්වා, ADB අරමුදල් සහිත ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම වැරදි කළමනාකරණයේ අතේ ඇත, උදාහරණයක් ලෙස උසස් අධ්‍යාපන නවීකරණය, මාර්ගගත ඉගෙනීම, AL සුදුසුකම් ලත් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ ව්‍යාපෘතිය, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා MIS පද්ධතිය යනාදිය. රජයේ සේවකයා හොඳින් දන්නා නමුත් ඔවුන් ඒ ගැන කතා කිරීමට කැමති නැත. වැඩිපුර වැඩ, වැඩිපුර ගැටළු, අඩු වැඩ, අඩු ගැටළුව. ඔවුන් හොඳින් දනී.
Mangala Friday, 04 July 2025 08:22 PM
මේ එකක් විතරයි... කිරි හරක් බෙදපුවා..., කැලේ කපපුවා එහෙම තමයි එළියට ඇවිත් නෑ වගේ...
Bishan Friday, 04 July 2025 08:58 PM
හූරේ... විපක්ෂය වැලිකඩ බලය අල්ලයි.