IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


හරක් කටාගෙන් සන්තෝසම් ගත් සීඅයිඩී ලොක්කකු ගැන පරීක්ෂණයක්

කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ විශ්‍රාමික ප්‍රබල පොලිස් නිලධාරියකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය (SIU) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් දෙපාර්තමේන්තුවල සේවය කරන ඇතැම් නිලධාරින්ට හරක් කටාගෙන් මුදල් සහ වෙනත් ආකාරවලින් විශාල තෑගි ප්‍රමාණයක් ලැබී ඇති බව මීට පෙර වාර්තා විය.

මෙම චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරිවරයකුට මීට පෙර ස්ථාන මාරුවක් ලබාදී තිබූ අතර මෙම චෝදනාවල‍ට ලක්වූ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව‍ට ද වාර්තා විය. එමෙන්ම හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු  ලැබ සිටිති.

 පසුගිය වසරේ මාර්තු 15 වැනිදා හරක් කටා යළි දිවයිනට ගෙන්වාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගනු ලැබීය. 

‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී පැන යාමට උත්සාහ කළ නමුත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ විය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර එයින් හරක් කටාගේ පලායාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ සහය ලැබී ඇති බව අනාවරණය විය. 

වි‍‍ශේෂ වාර්තාකරුවකු විසිනි



අදහස් (1)

හරක් කටාගෙන් සන්තෝසම් ගත් සීඅයිඩී ලොක්කකු ගැන පරීක්ෂණයක්

චන්දන Tuesday, 19 March 2024 07:20 PM

100%ක් ෂුවර්... මේ පරීක්ෂණ මග හිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 18 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 312 0

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි
2024 අප්‍රේල් මස 29 424 0

ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.


සංචාරක කලාප 49ක් ගැසට් ‌කෙ‌රෙයි
2024 අප්‍රේල් මස 29 204 0

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක ර


කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය
2024 අප්‍රේල් මස 29 400 3

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන


’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
2024 අප්‍රේල් මස 29 534 3

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 389 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1786 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1617 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site