ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 43 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (01 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලූ 7 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
හයිද්‍රාබාද් පිලේ නායක කුමාර් සංගක්කාර මෙහිදී පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් රැස් කළේය. හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරාගේ ඕවර හතරට ලකුණු 37 ක් රැස්කිරීමට මුම්බායි පිතිකරුවෝ සමත් වූහ.
මුම්බායි පිලේ ලසිත් මාලිංග යැවූ ඕවර තුනට හයිද්‍රාබාද් පිල ලකුණු 23 ක් ලබා ගත්තේය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 129 (ඞ්වේන් ස්මිත් 38, සචින් තෙන්ඩුල්කාර් 14, රෝහිත් ශර්මා 22, කිරාන් පොලාඞ් නොදැවී 14, අම්බායි රයුඩු නොදැවී 34, ඉෂාන්ත් ශර්මා 15/2, අමිට් මිෂ්රා 24/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 18 කදී කඩුලූ 3 ට 130 (ශීකර් දාවන් නොදැවී 73, කුමාර් සංගක්කාර 21, හනුමා විහාරි 25)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කවුරුත් බැංකු ගියේ නැතිලු. (නි)
පවු අරයා, අද නම් ලකුණු ටිකක් එයාගේ ගොඩට දාගත්තා (නි)
අනේ ඔය කකුළුවෝ මරණ එක නවත්වන්නකෝ (දී)
සංගා ටී 20 වලට කොහොමත් ගැලපෙන්නේ නැහැ (නි)
සංගා හැමදාම තමන්ට ලකුණු ගහන්නේ ටි 20 වලට. කොහොමත් ගැලපෙන්නේ නැහැ. (ස)
බොහොම හොදයි සංගා, ඉදිරියටම යමු. ඔබට ජය (නි)
කෝ මේ මාලිංගලා..මොකද වුණේ? (නි)