
(සනත් ගමගේ)
හම්බන්තොට ජනජීවිතයට බලපෑම් එල්ලවන සේ ගම්මාන ආසන්නයේ සිටින වන අලින් රක්ෂිත කලාපයට පැන්නීමේ කටයුුතු ඉතාම සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා කීය.
ජනජීවිතයට තර්ජන එල්ල කරමින් සිටින වන අලින් විද්‍යාත්මක ක්‍රම වේදයන් යටතේ වන අලින්ට හා ජනතාවට කරදර නොවන සේ වනඅලින් පලවා හැරීමේ කටයුතු අදාළ රාජ්‍ය ආයතන නිළධාරීන්ගේ සහාය මත සිදු කරන බවද දිස්ත්‍රික් ලේකම් වරයා සදහන් කලේය.
හම්බන්තොට වන අලි මෙහෙයුම යටතේ වල්සපුගල ප්‍රදේශය දක්වා ගෙන ගිය සූරියවැව අඩි සීය මාර්ගයේ බුරුතන් කන්ද ප්‍රදේශයේ සිටි වන අලි තුන්දෙනෙකු ඇතුළු තවත් ස්ථාන කීපයක සිටි වන අලින් කීපදෙෙකු අධිවේගී මාර්ගයේ වල්සපුගල වන අලින්ට හුවමාරු වීම සඳහා තනා ඇති ස්ථානය ආසන්න කැලෑ කොටසකට කොටු කර ගනිමින් වන අලි කළමනාකරණ රක්ෂියට ඇතුළු කිරීම සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ගම්මාන ටික වනාන්තර දෙසට පුලුල් කරමින් අනවසර අල්ලා ගැනීම් කරන්න පුලුවන් වේවි අලි ලක්බිමෙන් වද වෙනකම් ඔහොම්ම තමයි.