IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හබරකඩ දෙදරු මවගේ මරණය සැකයි:සැමියා පොලිසි යයි

(කේ. බුද්ධික කුමාරසිරි)

ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර ගැනීමට කොළඹ බෝවන රෝග විද්‍යාතනය හෙවත් අයි.ඩී.එච් රෝහලට ඇතුලත් වී සිටියදී ඉකුත් 11 දින මියගිය හෝමගම හබරකඩ පදිංචිව සිටි ශානිකා සමරපාල නැමැති 37 හැවිරිදි දෙදෙරු මවගේ මරණය බාල බෙහෙත් නිසා සිදු වූ මරණයක් බවට සැක කරන බැවින් ඒ පිලිබදව පරීක්‍ෂණක් පවත්වන ලෙස මියගිය කාන්තාවගේ සැමියා වි අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කළේය.

එහිදී අදහස් දැක් වූ මිය ගිය කාන්තාවගේ සැමියා වන හෝමගම හබරකඩ පදිංචිව සිටින බී. චානක මදුසංක මහතා මෙසේ කීය.

මගෙ බිරිද ඩෙංගු රෝගයට ප්‍රතිකාර ගන්න තමයි රෝහල් ගත වූණේ. අපිට දරු දෙදෙනකු ඉන්නවා. මේ බෙහෙත දීපු ගමන් බිරිද ගෙ හදවත නතර වුණා. මට වෛද්‍යවරු කිව්වේ හය පාරක් විතර හදවත නතර වුණත් එම සියලු අවස්ථාවල ප්‍රතිකාර ලබා දී ප්‍රකෘති තත්වයට ගත්තත් බේරා ගන්න බැරි වුණා කියලයි.

වෛද්‍යවරුන්ටත් හිතා ගන්න බෑලු මේ වෙච්ච දේ. ඒ ගැන දැන් පරීක්‍ෂණයක් යනවලු. මොනව කළත් වැඩක් නෑ. දැන් මට මගේ බිරිද නෑ. දරුවන් දෙන්නට අම්ම නෑ. ඒ නිසා මෙවන් දේවල් යළිත් නොවන්නට මේ පිලිබදව නිසි පරීක්‍ෂණයක් සිදු කල යුතුයි.

 



අදහස් (0)

හබරකඩ දෙදරු මවගේ මරණය සැකයි:සැමියා පොලිසි යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site