IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


හදිසි මරණ පරීක්ෂකවරු 23කට පත්වීම්

(අංජුල මහික වීරරත්න)

ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍යවරයා කීය.                          

දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට  අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ 108 වගන්තියෙන් අධිකරණ අමාත්‍යවරයා  වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම් ප්‍රදානය කෙරෙයි.

"හදිසි මරණ පරීක්ෂක තනතුරු 170 ක් පමණ පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරනවා. මේ රට දේශපාලඥයින්ට අයිති රටක් නොවෙයි. මේ රට අයිති ජනතාවටයි. ඒ නිසා තම සේවය හැගීමෙන් සිදු කරන්න එවිට නිසි සේවාවක් ලබාදීමේ හැකියාව තිබෙනවා. ප්‍රතිලාභයකින් තොර මහජන සේවය පිණිස මරණ පරීක්ෂකවරුන් කරනු ලබන සේවය අගය කරන බව ද අමාත්‍යවරයා  සඳහන් කළේය.



අදහස් (2)

හදිසි මරණ පරීක්ෂකවරු 23කට පත්වීම්

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 27 August 2025 03:52 PM

පළමු හදීසි මරණ පරීක්ෂණය "ජාතික රෝහලෙන්ම" පටන් ගන්න. අන්න එකෙක් ICU එකේ පණ අදිනවා

:       0       4

Niranga Wednesday, 27 August 2025 04:05 PM

මීගමුවේ ඉන්න කොරනෙරියා, ප්‍රයිවට් බෙහෙත් ශාලාවක් කරගෙන යනවා. මිනිසුන්ට කතා කරනේ බල්ලන්ට වගේ, ඔහුගේ බිරිඳ තමා පරීක්ෂණය කරන්නේ . සල්ලි ගන්නවා . ඌ හොරා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14423 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 421 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 252 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site