අත්ඉඩිය සහන උදය වැඩිහිටි පුරවැසි සංවිධානය හා අත්ඉඩිය පුරවැසි සංවිධානය එක්ව වැඩිහිටි අවුරුදු උත්සවයක් සහන උදය වැඩිහිටි නිවාසයේදී පැවැත්වීය.
හැත්තෑ පස් හැවිරිදි ගුණවතී පෙරේරා, හැත්තෑ හැවිරිදි ජී එල් සෝමවතී හා 67 හැවිරිදි කේ ඩී ප්‍රනාන්දු මාතාවෝ එහිදී අවුරුදු කුමරියෝ වූහ.
ජීවිතයේ සැඳෑ සමය මෙම නිවාසයේ ගෙවන වැඩිහිටියන් අතර තවත් අවුරුදු තරඟ රැසක්ම පැවැත්විණි.
කරගම්පිටිය ශ්‍රාස්ත්‍රානන්ද පරිවේණාධිපති හපුතලේ පඤ්ඤාරාම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අවුරුදු ආළෙල සංවිධානය කැරිණි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැත්තෑ පහේදී අවුරුදු කුමරිය වෙයි
සුගන්ධි Monday, 22 April 2013 04:28 PM
හරිම.හොද.වැඩක්.අසරණ.දෙමුපියන්ට.මොන..තරම්.සතුටක්.ලැබෙන්න.ඇත්ද.අවුරුදු උත්සවය කරපු අයට බොහොම පින් බුදුසරයි..! (ස)
පිටිගල මිලානෝ Monday, 22 April 2013 04:32 PM
නාකි විසේ ගෙටත් උසේ! (ස)
දිනේෂි අල්විස් Tuesday, 23 April 2013 01:16 AM
''උකුලට නාවත් එදා වගේ මා පොඩි දුව අම්මේ.. දුර ඈත රටක උන්නත් මා ඔබේ ආදර දුව අම්මේ... දරුවෝ ඇයි දෙමව්පියන්ට නොසලකන්නේ.. අම්මල අපි පොඩි කාලේ ළමා සුරැකුම් මධයස්ඨාන වල දාල තිබ්බද නෙහැ නේ.. ගොඩාක් අගය කල යුතු දෙයක්.. මේ අම්මල පාලුවෙන් තනිකමින් ඉන්න ජීවිතේට පොඩි වෙලාවක් හරි සතුටක් දීල... ලොකු පිනක්..මහගු කාර්යක්.මේ අම්මල මතු බුදු වේවා.. මගේ අම්මිටත් දීර්ගායුෂ ලැබේවා..තෙරුවන් සරණයි... (එක්සත් රාජදානියේ සිට.)(නදී)
යොහාන් Monday, 22 April 2013 04:49 PM
පිටිගල-ඔයාගේ වයස කියාද?මට මගේ ගෙදර ඉන්න 82 වයසැති අම්ම මතක් වුණා ,දු පුතුන්ගේ වරදින් මේ මාතාවන් වැඩිහිටි නිවාස වල හිටියත් බලන්න ඒ ය ඉන්න සුන්දර මොහොත.ඕ අම්මටත් අපි ගෞරව කලයුතුයි පිටිගල මහත්තයා (අ)
මිචෙල් Tuesday, 23 April 2013 01:42 AM
මමත් මේ අවුරුදු උත්සවේ දැකලා හරියට සතුටු වුණා. . (නි)
රුහුණු Tuesday, 23 April 2013 02:04 AM
පිටිගල බිවුවේ මවු කිරිද ? නැත්නම් පිටි කිරිද ? (නි)
සඳු Tuesday, 23 April 2013 01:01 PM
පිටිගල මිලානෝ ඔයා ගොඩක් හොඳයි. අම්මට තාත්තට එහෙම සලකනවා නම්. ඒත් ඉතින් මේ ඉන්නේ අසරණ වූ දෙමාපියෝනේ. ඒ අයට මේ විදියට සතුටු වෙන්න උත්සවය සංවිධානය කරපු පින්වත් උදවියට පින්සිද්ද වෙන්න ඉතින් මේ අසරණ අය ගැන එහෙම කියන්න හොඳ නැහැනේ. (ස)
සුසිල් මිලානෝ Tuesday, 23 April 2013 01:10 PM
පිටිගල...ඔයාගේ සැළකිලි අපි නේ දන්නේ... ඔවා දෙණු පරහට තමා සම්මතයේ පිහිටා සිට...(ස)
සෑම් Monday, 22 April 2013 05:26 PM
පිටිගල මහත්තයෝ ඔයා මනුස්සයෙක් ද හැබැටම .(අ)
සුසිල් මිලානෝ Monday, 22 April 2013 05:34 PM
පිටිගල....අපූරු තරුණයා ..පෙන්ෂන් යන කාලෙත් පහුවෙලා. මෙයා ආතා කෙනෙක්. පිටිගලත් මේ අම්මලාගේ වයසටත් පොඩ්ඩක් විතර වැඩි. අපි මේ වැඩිහිටියන්ගේ සතුට දැකලා සතුටු වෙමු. ඔවුන්ට ගරහන්නේ නැතිව. (අ)
සුජීව ඉඳුනිල් කුමාර Tuesday, 23 April 2013 07:27 AM
අනේ පිටිගල, නුබේ අම්මත් මේ තරගෙට හිටියා නම් ඔහොම කියනවද? (නි)
කුමාර Wednesday, 24 April 2013 11:28 AM
ගොඩක් හොද වැඩක්. මම ඉහලින්ම අගය කරනවා (නි)
ලියාස් Monday, 22 April 2013 06:44 PM
ඔන්න සුභම සුභ අවුරුද්දක් .ජයෙන් ජය ලැබේවා! (නි)
බණ්ඩාර Tuesday, 23 April 2013 08:27 AM
අනේ හරිම හොඳ වැඩක්! එයාලගේ තරුණ කාලය මතක් වෙන්න ඇති.හිතේ තියෙන පාලුව දුක නැති වෙන්නත් ඇති. අවුරුදු කුමරියෝ තුන් දෙනාත් හරිම හැඩයි. (නි)
ශාන් Tuesday, 23 April 2013 10:39 PM
සියලු මව්පියන් හට සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන නිරෝගිමත්ව ජීවත්වීමට වාසනාව උදා වේවායි පතමි (නි)
මධු Monday, 22 April 2013 07:56 PM
සතුටක් එක්ක දුකක් ? කෝ මේ අම්මලා ගේ දරුවෝ ? අම්මා වැඩිහිටි නිවාසයක තියන්න තරම් දරුවෝ ඇයි පිරිහුනේ ????? (නි)
තිලක් Tuesday, 23 April 2013 08:36 AM
පිටිගල මිලානෝ, මම හිතන්නේ අර ලොකු පච්චයක් පිටේ කොටාගෙන මිලානෝ වල ඉන්න මානසික ලෙඩා ඔයා වෙන්න ඇති. (නි)
නුවන් Monday, 22 April 2013 08:49 PM
පිටිගලට අම්මා කෙනෙක් නැද්ද ? (නි)
සංජය Thursday, 02 May 2013 09:58 AM
හරිම හොද වැඩක්. අසරණ දෙමුපියන්ට මොනතරම් සතුටක් ලැබෙන්න ඇද්ද? අවුරුදු උත්සවය කරපු අයට බොහොම පින්. බුදුසරණයි. (නි)
ගාමිණී Monday, 22 April 2013 09:07 PM
මෙවැනි තරඟයක් මගේ ජීවිත කාලයේදී දැක්ක පලවෙනි වතාව. සංවිධායක මණ්ඩලයට ගොඩක් පින්! අම්මල වැඩිහිටි නිවාසයට ඇතුල් කල දූ දරුවන් කම්පා වෙත්වා!(නදී)
පිටිගල මිලානෝ Tuesday, 23 April 2013 03:43 PM
මට පෙනෙන විදියට 'ළමා නිවාසය සහ මහලු නිවාසය' කුමක්ද කියා තෝරා බේරා ගන්න තරම් විචක්ෂණ බුද්ධියක් නැති පිරිසකුයි මෙය සංවිධානය කර ඇත්තේ. මම කිවුවේ මට හිතුණු දේ. තරහා ගන්න කාරි නැහැ. (නි)
සඳුන් Monday, 22 April 2013 09:17 PM
අම්මා පෙව් කිරි කදුලින් මේ ලොව මෙතරම් හැඩ උනේ ! (අ)
යොහාන් Tuesday, 23 April 2013 03:46 PM
එහෙනම් පිටිගල මොකටද නාකි විසේ ගෙටත් උසේ කියල කීවේ.ඒ වචන වලින්ම පේනවා ඔබ තුමාගේ කුසල් එකතු කරීමේ ක්‍රමය. (ස)
අනිල් Tuesday, 23 April 2013 03:46 PM
පිටිගල ල වගේ අය දෙතුන් දෙනෙක් හිටියම ලංකාවටම හොද කාලයක් යයි. (ස)
නදීර Wednesday, 24 April 2013 01:09 PM
හොදයි (නි)
උපුල් Tuesday, 23 April 2013 10:36 AM
ගතින් වියපත් වුණත් සිතින් මේ අම්මලා තවම තරුණයි (නි)
ලාල් ගලබඩ ලේක්කෝ නගරය Tuesday, 23 April 2013 04:04 PM
උතුම් වූ පින්බර අම්මලා හට..... අන්දවා පාට පාට චීත්ත පට.... කරවන මේ තැරග ඉසවු ටික ... දැක හැලුවෙමි නෙතින් කදුළු කැට..... (නි)
නිරෝමි දසනායක Tuesday, 05 November 2013 01:12 AM
අනේ ඇත්තටම මොන තරම් සතුටු ඇතිද මේ අම්මලාට හැම දෙනාටම බුදු සරණයි....(නදී).
මදූ Monday, 22 April 2013 10:21 PM
කිරි තොල් හමුවේ ඔබ දුන් ඔබ පිදු සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ බිවු කිරි වල පව් අර වන්නට අම්මේ මදි අපි පින් කෙරුවා ඉන්නා තැනක ඉද පුතා කියා මට අමතන්න එන්නම් සොයා .....(නදී)
නිශාර්ඩ් Tuesday, 23 April 2013 11:09 AM
ඉතා ඉහලින් අගය කල යුතු වැඩක්. මෙය සංවිධානය කරපු අයට බොහොම පින් !!! (ස)
දසුන් Monday, 22 April 2013 10:57 PM
මෙවැනි තරඟයක් මගේ ජීවිත කාලයේදී දැක්ක පලවැනි වතාව. සංවිධායක මණ්ඩලයට ගොඩක් පින්! අම්මලා වැඩිහිටි නිවාසයට ඇතුල් කළ දූ දරුවන් කම්පා වෙත්වා. (නි)
තුසිත Monday, 22 April 2013 11:09 PM
අනේ ගොඩක් හොද වැඩක්. මේ අම්මලාගේ දරුවෝ දරුවෝද? මගේ සියා නැතිවෙලා මාස 2ක් වෙනවා. මමත්,මගේ පවුලේ අයත් ගොඩාක් දුක් වුණා. අපි එයාට ගොඩක් ආදරෙයි. මම සහ මගේ මව දුක් වුණා සීයාගේ මිනියවත් බලන්න නැති වුණ එකට. ලංකාවේ සියලුදෙනාට මේ අම්මලාටත් ලංකාදීප කතෘ මණ්ඩලයටත් ලැබූ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
විජේසිංහ Monday, 22 April 2013 11:28 PM
මුවගට නැගුනු හසරැලි වාසනාවන් කිරට හැරුණු රතු ලේ වාසනාවන් හදේ පුරුණු සෙනෙහස වාසනාවන් අම්මේ නුඹේ දැක්මත් වාසනාවන්... (නි)
පිටිගල මිලානෝ Tuesday, 23 April 2013 11:39 AM
මා වයසක දෙමව්පියන්ට සලකන්නේ මේ ආකාරයට අන්දවා 'රූප රැජිනි' තරග වලට පෝලිම් ගස්සවා, දෑත බැඳ බනිස් කන්න දීමෙන් නොවේ. ඔවුන්ව නාවා පිරිසිදු ඇදුම් අන්දවා, කවා පොවා, බේත් හේත් අරන් දී, සදහම් ධර්මය අසා කුසල් රැස් කිරීමට ඉඩ සලසා දීමෙනි. (නි)
සරත් Monday, 22 April 2013 04:11 PM
ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා! (නි)
නදී Tuesday, 23 April 2013 12:00 AM
අනේ කොච්චර දෙයක්ද...මොනා නමුත් අනර්ග වැඩක්.(නදී)